"ඇයි දැන් එක පාරට චර්ච් යන්න ඕනයි කිව්වේ ?"

"විශේශයක් නැහැ මට හිතුනා ඉතින්..."

ටේහ්‍යුන්ග්ලා ඒ පාලු ලේන් එක දිගේ ටික දුරක් යද්දී ටේහ්‍යුන්ග්ලගෙ මූණට මුණ ගැහුනේ මහලු කාන්තාවක් . මේ සීතලේ කබායක් වත් නැතුව ටේහ්‍යුන්ග්ලගෙ පැත්තට එන ඒ කාන්තාව දැකලා ටේහ්‍යුන්ග්ට අනුකම්පා හිතුනා . ටේහ්‍යුන්ග් වැඩි යමක් නොහිතම තමන්ගෙ පැත්තට එන ඒ මහලු කාන්තාවට තමන් ඇදන් හිටිය කබාය ගලවලා දුන්නේ ඒකයි .

"ආච්චි අම්මා මේ සීතලේ කොහේ යන ගමන්ද ?"

කොන්ද කුදු මහලු කාන්තාවට තමන්ගේ කබාය පෙරවන ගමන් ටේහ්‍යුන්ග් ඇහුවේ .

ටේහ්‍යුන්ග් අහපු දේට පිළිතුරක් නොදුන්න ඒ කාන්තාව තමන්ගෙ අතේ තිබුන කූඩයෙන් අර ගත්තේ සුදු පැහැ calla lily මලක් .

"මේ ලෝකේ අහම්බයක් කියලා දෙයක් නෑ දරුවෝ . මේ පෘථිවියේ වෙන ඕනම සිදුවීමකටම මොකක් හරි හේතුවක් තියනවා . අහේතුක කිසිම දෙයක් මේ ලෝකේ නෑ . අන්න ඒ දේ සිහියේ තියාගන්න සතුටින් ඉන්න දෙවියන් ඔබව ආරක්ෂා කරාවී . "

ජංකුක්ට ටිකක් විතර ඉස්සරහින් හිටිය නිසා ජංකුක් එතන වෙන්නේ මොකක්ද කියලා හරියටම දැක්කේ නෑ  .

ටේහ්‍යුන්ග් සුහද විදිහට හිනා වෙලා ලිලී මල අතට ගනිද්දී ඒ කාන්තාවත් හිනාවෙලා ටේහ්‍යුන්ග්වත් ජංකුක්වත් පහු කරගෙන ගියා .

"මෙන්න..."

මහලු කාන්තාව දුන්න ලිලී මල ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ අතට දුන්නා  .

"මටද ?"

"හ්ම්ම්."

"කොහෙන්ද ?"

"අර ආච්චි අම්මා දුන්නේ..."

"ආ..ආච්චි අම්මා ? ක්..කෝ..කවුද ?"

ටේහ්‍යුන්ගෙ වචන එක්ක ජංකුක්ගෙ හැසිරීම වෙනස් උනා . ජංකුක්ගෙ කටහඩ පවා වෙව්ලුවා .

"ජංකුක්...මොකද මේ බය වෙලා දාඩියත් දාලා ඔයාට"

"කවුද දුන්නේ හියුන්..මම දැක්කෙ නැහැ "

"ඇයි ජංකුක් එයා දැන් ඔයාවත් පාස් කරන් මෙතනින් ගියේ ඔයා දැක්කෙ නැද්ද ?"

𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔ Onde as histórias ganham vida. Descobre agora