𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 4

Start from the beginning
                                    

එතන වාඩි වෙලා අපිව පහු කරගෙන යන වාහන, මිනිස්සු දිහා අපි ඔහේ බලාගෙන හිටියා. අපිව පහු කරන් පරණ පාර්ලිමේන්තුව, ගලදාරි හෝටලේ, හිල්ටන් හෝටලේ තියෙන පැත්තට ගියොත් ඒ පාර ලේක් හවුසිය ළඟට වැටෙනවා. අනිත් පැත්තට ගියොත් ශැන්ග්‍රිලා හෝටලේ, ටාජ් සමුද්‍රා, වන් ගෝල්ෆේස් හරහා ගෝල්ෆේස් හෝටලය දිහාවට යනවා.

"ඉතින්....."

එයා කතාවකට මුල පිරුවා.

"කියන්න...."

"දෙයක් කිව්වොත් තරහ වෙනවද ඔයා?"

"නෑ ශෙනාල්, කියන්න"

"ඔයා ලස්සනයි, ඇත්තටම!"

කළු ඇස් දිහා බලපු මට තේරුණා එයා බොරු නොකියන බව.

ඇත්තටම මිනිස්සුන්ගෙ ඇතුලාන්තයට එබෙන්න පුලුවන් එකම තැන එයාලගේ ඇස්. මොනතරම් හංගන්න හැදුවත් ඇස් වලට බෑ කිසි දෙයක් හංගලා දාන්න.

"Thanks!"

එදා මම ගෙදර ආවත් මගේ හිත තිබුණෙම ඒ මූදු හුළඟ එක්ක අර වතුර මල ළඟ.

ඒලෙවල් ෆිල්ම් එකේ මතකයන් සින්දුව අහන ගමන් මම කාමරයට ගියා.

ඒත් මට තේරුණා යම් වෙනසක්. ටිකෙන් ටික ඔලුව පුරා පුංචි රිදවුමක් ඇති වෙලා පැතිරිලා ගියා. සුදු පාට ටයිල් කැට උඩට රතු පාට ලේ බිංදු එකින් එක වැටෙන්න ගත්තා. කන්නාඩිය ඉස්සරහට ගියහම මම දැක්කේ නාස් විවර වලින් පහළට ඇදහැලෙන ලේ බිංදු.

හැමදෙයක්ම කැරකෙන්න ගත්තා. ඉබේටම මගේ අත් ඔලුවට ගියා. කැරකෙන කාමරය තුල ඍජුව සිටීමට මම ලොකු වෙහෙසක් දැක්කා. ඒත් මම අසාර්ථක උනා.

මම ආයෙත් ඇදගෙන වැටුණා.

ඒ අඳුරු කාලය තුළ මම යම් සිදුවීම් පෙළක් දැක්කා. මුහුණු නොපෙණුනත් යම් කෙනෙක් ඒ සිහින තුළ හිටියා. මමත් හිටියා.

පැහැදිලි නැති බොඳ උනු කටහඬකින් එයා කතා කලා.

"ඔයා ලස්සනයි, ඇත්තටම!"

ඒත් එක්කම මට ඇහුණා වතුර මලක වතුර විසිවෙන සද්දයක්. ඒ අඳුරු ලෝකය තුළ මම දැක්කා, මට ඇහුණා, මට දැණුනා හඳුනාගත නොහැකි සිදුවීම් දාමයක්.

CyclamenWhere stories live. Discover now