𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 3

Start from the beginning
                                    

"ම්හු....නෑ නේද!"

"ශෙනාල් ඇයි මෙහෙ ආවේ?"

"එදා ඔයා කිව්වා ගිහින් එන්නම් කියලා මතකද?"

"ඔව් මට මතකයි!"

"ඒ එන ඔයා එක්ක ආයෙත් කතා කරන්න ඕන උනා."

"ඇයි ඒ?"

"දන්නෑ....."

"හ්ම්"

සිද්ද වෙන කිසි දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැතිව වික්ෂිප්ත වෙච්ච ඇස් වලින් එයා දිහා මං බලන් කොට ලස්සන හිනාවකුත් එක්ක එයා මගේ දිහා බැලුවා.

අපි ඉඳගෙන හිටපු බැම්ම ඉස්සරහ මුහුදු මට්ටමට වඩා ටිකක් උඩින් ඒත් මුහුද අයිනෙන් යන පාරක් තියෙනවා. ඒ පාර දිගේ මිනිස්සු ඇවිදන් යනවා. පොඩි ලමයි ඒ පාර අයිනෙ තියෙන පඩිපෙළින් බැහැලා ගිහින් රැල්ල පාගනවා. රෑට මෙතන තියෙන්නෙ වෙනම වයිබ් එකක්. මම ආසම රෑට රැල්ල පාගන්න. පරිසරය සීතල උනාට මුහුදු වතුර උණුසුම්. හෝ හෝ ගාලා නොනවත්වාම මුහුද අඳෝනා තියනවා.

මමයි ශෙනාලුයි වාඩිවෙලා ඉස්සො වඩේ කකා ඉන්න අතරේ හරි ලස්සන දෙයක් දැක්කා. මුහුද අයිනටම වෙන්න තැනක ආදරණීය වැළඳගැනීමක්. උන් ප්‍රේමය විඳිනවා. පෙම්වතා පෙම්වතියගේ ඔලුව හෙමිහිට අතගාන කොට පෙම්වතිය තව තවත් තදින් ඔහුව වැළඳගන්නවා. සමහර විට ඒ නිල් පාට කමිසෙට යටින් ගැහෙන පෙම්වතාගෙ හදවත ඒ පෙම්වතියව දැනෙන්න ඇති.

"නුරාධ...."

ඒ දෙන්නා දිහා බලාගෙන හිටපු ශෙනාල් කතා කරන්න පටන් ගත්තා.

"ම්ම්..."

"මාත් ආසයි!"

"හග් කරන්නද?"

"හ්ම්"

"ඇයි?"

ලොකු හුස්මක් අරගෙන ඉර බැහැගෙන යන ඈත් ක්ෂිතිජය දිහා බලපු ඒ ඇස් ආයෙත් මගේ දිහාවට හැරුනා.

"අපි කෙනෙක්ට ආදරය කරද්දි එයාලා වෙනුවෙන් අපේ හාට් එක ගැහෙන්න ගන්නවා. වැළඳගැනීමකදි ඒ හාට් බීට් එක අපිට පුලුවන් එයාලට දැනෙන්න සලස්වන්න, එයාලා වෙනුවෙන් ගැහෙන හාට් එකක රිද්මය!"

"And a hug can complete a man!"

"How?"

"අපේ පපුවේ වම් පැත්තෙ විතරයි හදවතක් තියෙන්නෙ දකුණු පැත්ත හදවතකින් හිස් වෙලා තියෙන්නෙ. ඒත් හග් එකකදි අපිට අපේ දකුණු පැත්තෙන් පපුවට තවත් හදවතක රිද්මයක් දැනෙන්න ගන්නවා. එතකොට අපි සම්පූර්ණ වෙනවා."

CyclamenWhere stories live. Discover now