𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 3

Start from the beginning
                                    

...................................................

තත්පරෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය, දවසින් දවස ගතවුණා. මට තවමත් චෙරි මල් සුවඳ හාදයා මතකයි. ඒ ඇස් මට මතකයි.

අපේ තාත්තා ගලදාරි හෝටලේ මැනේජර් කෙනෙක්. ඒනිසා ගොඩක් වෙලාවට එයා වැඩ ඉවර කරනකන් මම ගාලුමුවදොර බැම්මක් උඩ ඉඳන් හවස් වරු ගත කරනවා.

දවස් ගානකට පස්සේ ආයෙත් මම ආවා ඒ බැම්ම ළඟට. තුනී කොළ පාට තන කොල ගොන්නක් තියෙන ගාලුමුවදොර පිටිය පාගගෙන මම ආවා, ක්ෂිතිජය බලන්න. ක්ෂිතිජයෙන් නිවෙන්න.

පුරුදු විදිහටම මම ගත්තා ඉස්සෝ වඩේ මල්ලක්, ඒ ළඟ තිබුණු පෙට්ටි කඩේකින්.

අව්ව මොනතරම් තද උනත්, සැර උනත් මූදු හුළඟ එක්ක හැන්දෑවක තනි වෙන එක හරිම ආදරණීයයි. එකින් එක ඉස්සෝ වඩේ කන ගමන් මම බලන් හිටියා, ඒ අහස දිහා.

එක පැත්තකින් බාගෙට ඉදිවෙච්ච වරාය නගරය. තවත් පැත්තකින් පෞරාණික ගෝල් ෆේස් හෝටලය. ඉස්සරහින් පුංචියට පේන මහ විශාල නැව්. උඩින් තැඹිලි පාට අහස. හැමපැත්තෙන්ම හමන හුළඟ. ඒ එක්ක හැපෙන, බිඳෙන රළ. වෙරළට ආපු රළ එක්ක මුහුදට ඇදෙන රන්පාට මූදු වැලි. මූදේ ඉඳන් ගොඩට එන සිප්පි කටු. තැන් තැන්වල උන්ගේ ලෝක වලම තනි උනු ආදරවන්තයන්. රැල්ල එක්ක සෙල්ලම් කරන පුංචි එවුන්. මේ හැම දෙයක්ම මැද්දෙ ඉස්සෝ වඩේ හපන මම, නුරාධ.

මම අතහැරියා, මගෙන් ඈතට ගිය අතීතය හොයන්න ගතපු ඒ අමාරු වේදනාකාරී උත්සාහය. හිතන්න පටන් ගත්තා මේ ගෙවෙන වර්තමානය ගැන.

ඔය අතරෙදි මට තේරුණා මගේ එහා පැත්තෙන් කවුරුන්හෝ ඇවිත් නතර උන බව.

ඒත් එක්කම මට දැණුනා හුරු පුරුදු චෙරි මල් සුවඳක්.

ඔව් ආයෙත් එයා!

"හායි!"

"හෙලෝ!"

"මම ශෙනාල්, එතකොට ඔයා?"

"මම නුරාධ."

"ඔයා හැමදාම වගේ එනවද මෙතනට?"

"ගොඩක් වෙලාවට......
ඒක නෙමෙයි අපි කලින් හම්බවෙලා තියෙනවාද?"

"ඇයි එදා ඔයා මගේ ඇඟේ හැප්පුනා මතක නැද්ද?"

"ඊට කලින් මං අහන්නේ....?"

CyclamenWhere stories live. Discover now