14 කොටස..🖤🕊️

168 44 9
                                    

14 කොටස.....🕊️

Gaurav pov...

ම්ම්ම්....දනුශ්ක...කියපන්

දැන්ද.....

ම්ම්ම්...ඉවරයක් කරපන්......මේ පාර උබට....රහ බලපන්....මහතැන මට ඉතුරු කරලා....ඉතුරු ඔක්කොම උබලා බලාගනින්....මට දැන් ඔය වැඩ වලට අත ගහලා අපිරිසිදු වෙන්න බෑ...මං හෙට එනවා....මාතර වැඩේ හෙට ලේස්ති කරපන්...

ම්ම්..හරී....

මං කෝල් එක කට් කරා...සදූ උඩට ගියා ගියාමයි පැය තුනකටත් කිට්ටුයි තාම
නැතිවෙනකොට..... මං හුගාක් කාලයක් බලන් ඉදපු ගොදුරක රහ බලන්න දනුශ්ට බාර දීලා ඊලගට උඩට යන්න ඉන්න කටු කන බල්ලගේ මහතැනගේ විස්තර චෙක් කරන්න ගත්තා.....

තිදරු පියෙක්.....ම්ම්ම්ම්...ඒකෙනුත් එකෙක් වලේ... කටුත් නෑ.....අනික් දෙන්නගෙන් එක්කෙනෙක් අතුරුදහන් උපන් මොහොතෙම......දැන් ඉතුරුවෙලා ඉන්නෙ....එකයි.....ඒ තමයි උගේ දකුණු අත....උගේ සුහච කීකරු ගෝලබාලයා පොඩි ගුණේ...ම්ම්ම්

වික්‍රමසිංහයා උගෙම පුතාව අල්ලෙ තියාන නටවනවා....ඌත් මූ අප්ප කියලා නොදැනම කියන කියන පදේට අඩි ගහනවා.....ඔය දෙන්නම නොදන්න උගේ අතුරුදහන් උනු කිරි කැටේ...වික්‍රමසිංහගේ බාල එකා... තාම මේ ලෝකෙ පණ ගහනවා......ම්ම්ම්ම්...මරු.....මරු කියන්නෙ මරේ මරු.....

අවුරුදු දහයෙන් මගේ අතේ ඇගිලි අස්සට සෙල්ලම් පිස්තෝලයක් වෙනුවට ඇත්තම පිස්තෝලයක් හිර වෙන්නත්.....

එකොලොස් වෙනි දවසෙම මගෙ අතින් මිනිඋපන්දිනේයක් මැරෙන්නත් හේතුව.....

ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලිම්ම මාව මිනීමරුවෙක් කරපු මිනීමරුවා ........

අමරණාත් වික්‍රමසිංහ....!!

ඒකගේ ළමයින්ට දැන් මගේ වයස....දෙන්නෙක් නිවුන්නෝ වෙනකොට බාලයා මට වඩා අවුරුදු කීපයක් බාලයි.....වැඩිමලා උගේ අප්ප වික්‍රමසිංහ කියලා දන්නෙත් උගේ අවසන් හුස්ම ඌව එපා කියලා යන තප්පරේ....ඒ අවසාන තප්පරේ ඌට මොනවා හිතෙන්න ඇත්ද...ම්ම්...මරන්න හිතෙන්න ඇත්ද....නැත්තන් එකපාරක් හරි තාත්තෙ කියන්න ඕනා කියල හිතෙන්න ඇත්ද....මොකක් කියලද හිතන්නේ.......ම්ම්...

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Donde viven las historias. Descúbrelo ahora