08 කොටස...🕊️🖤

242 52 37
                                    

අයිස් කොෆී එකක් ගේන්න....

ඔකේ මිස්....

දවස් ගානක් ගෙවුනා...එයා එක්ක හුරුතල් වෙලා වෙලා...අන්තිමට අපි දෙන්නම අපේ වැඩවල කාර්යබහුල උනා....ඒත් ඉතින් කොච්චර කාර්යබහුල උනත් කොච්චර මහන්සි උනත් එයා උදේටයි දවල්ටයි රෑටයි තුන් වේලටම අමතක නොකර කතා කරා....
එයාගෙන් එන කෝල් එකේ එයාගේ පලවෙනි ජාතික වාක්‍ය උනේ "මගේ මැණිකේ කෑවද" කියලා වෙනකොට මට සමහර දවස් වලට බොරුත් කියන්න උනා....

උදයක් දවාලක් නැතුව මිනිස්සු එන යනකොට සමහර දාට ගෙදරින් ඔතාගෙන එන බත් කටවත් කන්න වෙලාවක් නැති තරම්....ඒමයි කියලා කස්ටමස්ලා එලවන්නැයෑ....අත් උදව්වට කවුරු හරි ගන්න ඕන උනත්...මේ අහල පහලියේ ඉන්න ඔක්කොම එවුන් ඔක්කොම රජේ රස්සා කරන එවුන් වෙච්චි මං ඒ වැඩෙත් අතෑරලා දැම්මා....

මිස් ඔයාගේ අයිස් කොෆී එක....

ආ....තෑන්ක්ස් මිස්ට කඩුපුල්...

එක්ස්කිව්ස්මී....මිස් මාව දන්නවද....

මම ගැස්සිලා ගියා....මම මේ පලාතේ ඉන්න එවුන් වත් අදුරන්නැති වෙන කොට...ශොප් එකේ බෝඩ් එකේවත් මගේ නමක් සදහන් නැති කොට.....එක පාරටම කවදාවක් දැකලා නැති කෙල්ලෙක් නම කියලා කතා කරනකොට මාව නිකන් කරකවොල අතඇරියා වගේ උනා.....මම ඇසුත් පොල් සයිස් කරන් ඇහැව්වා මාව අදුරනවද් කියලා...

'අනිවාරෙම්ම...මිස්ට කඩුපුල් සදහස....මං ඔයා ගැන හොදටම අදුරනවා...'

වට් ද වැල්....යකෝ....මේකිට අමුවෙන් කැවිලද...එක්කෝ ට්‍රැක මාරු වෙලා මගේ නම තියෙන් වෙන කවුහරි කියලා වෙන්නෝන...ඒත් ඒක මගෙ නමනේ....ම්හුක්....කාත මේ දැරිවි ටැනියේහ්හ්....

මං හිතන්නෙ මිස්...මිස්ට වැරදිලා....මම මිස්ව අදුරන්නෙ නැහැ නේ...මිස්....ගෞරව් ගේ කවුහරි යාලුවෙක්ද....

'කවුද ගෞරව් කියන්නෙ...මං එහෙම කෙනෙක් නම් දන්නෙ නැ කඩුපුල්.....'

ඒකි මගේ උඩ ඉදන් යටටම බලලා...මූණ ඉස්සරහට වැටිලා තිබුන කොන්ඩ කෑල්ල කන පිටිපස්සෙ රදවලා...කරේ පැත්තකට දාන් උන්නු බෑග් එකෙන් මොකක් හරි එලියට අරන් මා එක්ක හිනා උනා....

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now