06 කොටස...🕊️🖤

261 51 18
                                    

අපි එකට මල් පූජා කරා...පහන් පත්තු කරා...බුදුන් වැන්දා...භාවනා කරා...අවසානෙට....එකටම ප්‍රාර්තනා කරා...මම ප්‍රාර්තනා කරලා ඉවර වෙනකනුත් එයා තාමත් ඇස් පියාගෙන...එකට එකතු උන අත් දෙක හරි කෙලින් පපුව මැද්දෑවෙම තිබුනා...මම ප්‍රාර්තනා කරේ සංසාර කන්නෙ අවසානය දක්වාම සදාකාලීත්වය වෙනකොට මගේ ආදරණීයම ගෞරව් ගේ ප්‍රාර්තනාව ඊටත් වඩා බර සාර එකක් වෙලා තිබුනා...

මම ප්‍රාර්තනා කරන එයා දිහා බලන් දැහැන් ගත උනා...කොහෙද ඉන්නෙ...කවුද ඉන්නෙ මේ හැමදේම මට අමතක වෙලා ගියා...ඒ ඇස් හරි සැහැල්ලු වෙලා තිබුනා...වෙනදට කලබල ඇස් සන්සුන්ව වැහිලා ගිහිල්ලා....දිග මහත ඇගිලි සීතලටද කොහෙදො රතු වෙලා ...හැමදාම කලු අදින ඒ රූපෙ අද සුදට සුදේ පිං පාටින් නෑවිලා ....අවසානෙදි ඒ ඇස් ඇරුනා...විනාඩි පහකටත් වැඩි වෙලා ප්‍රාර්තනා කරපු එයාගේ ඇස් ඇරුනා...

"මොකද..වශීඋනාද ම්ම්. ...."

කටකොනට ගත්තු හිනාව එක්ක මගේ පැත්තට හැරුන මල යස්ස පරානේ මගෙන් "මොකද..වශීඋනාද" කියලා අර හැම මගුලටම පස්සෙ ම්ම්ම් ගාල අදිනව වගේ ඇදලා අහනකොට ඇත්තමයි මට මේ ඌරු තොම්බගේ මූණ බොම්බයි මොටයි වෙන්න දෙන්න හිතුනා...ආඩම්බර කම මූනෙන් එකයි...හිතන් ඉන්නෙ මං ඒක දිහාව බලන් ඉදියැයි කියලා ..යැයි යායි තමා..අනේ....වැඩේමට ගැට ගෙම්බා දිහා බලන් ඉන්න.... පතෝල සුමනෙ...හිටුකෝ කතා කරන්නෑ මූ එක්ක මාසයක්...හ්ම්ප්..දන්නෑ මේ කඩුපුල්ගෙ හැටි...

"මටෝන නිසා ඇයි..."

මම ගස්සගෙනම එලියට ආවා...එයත් මගේ පස්සෙන් දුවගෙන දුවගෙන එනකොට මමත් පස්ස නොබලාම දිව්වා...ඒකත් නිකන් තිස්ස පස්සෙ මුවා පන්නනවා වගේ...ඔව් මං තමයි තිස්ස හුම්ප්....

එන්නැතැයි දැන් කඩුපුලයි...දග පැංචයි ගාගෙන....මාලිගාව කියලා බලන්නෑ අනිනවා දොඹෙන් යන්න හිවලා...දන්නෑ මගේ හැටි...

යන්නෙ කොයිද මල්ලෙ පොල් කියන්න වගේ මාත් ඔහේ ඇවිදන් ආව...ඇයි දන්නෑ මට මේ දවස් වල හොස්ස ලගින් මැස්ස ගියත් තරහා යනවා....මේ යස්ස පරාණෙ ලග ඉදලමද කොයිද දැන් මාත් යකෙක් වගේ වෙලා...සිගිති දේටත් තරහා යන්න අරන් මදිවට දැන් බඩුත් පොඩි වෙනවා මගේ අතින්....

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now