05 කොටස...🕊️🖤

314 58 40
                                    

අපි අද දළදාවට යනවා...කටකැඩෙනකන් කියල කියලම අන්තිමට ගෞරව් ව කැමති කර ගත්තා ඒකත් "රෑට යමං" කියලා කොන්දේසියක් පිට වෙනකොට දළදාවට යන්න තියන ආසාව හන්දම එයාට එකග උනා...සමහර විට මාලිගාව ලස්සන රෑට වෙන්න ඇති...ඒකනේ එයා රෑට යං කියන්නේ...මම කවදාවත් ගිහිල්ලා නෑ...මේ පලවෙනි පාර වෙනකොට මම ඉදියේ පිස්සු හැදෙන්න ඔන්න මෙන්න...

පහට කාලක් තියලා මං එන්නම් කියපු එයා ගෙදර යනකොට එයා ගෙයින් පිට උන වෙලාවෙ ඉදන් මම මග බලාගෙන...ලමානිවාසේ ඉන්න කාලෙ ජෝසප් මහත්තයට පින් සිද්ද වෙන්න අපි කලාතුරකින් හරි ට්‍රිප් එකක් එක්කන් ගියා...ඒකත් හූරං කෑවා..ජෝසප් මහත්තයා එවන සල්ලි වලින් අපි වෙනුවෙන් වියදන් උනේ හරි සොච්චමක් ඒකත් නාමෙට...ඉතුරු හැමසතේම ගියේ මැඩම්ලගේ ඕනෑඑපාකම් පියවන්න උනා....කලාතුරකින් එන ට්‍රිප් වලටත් ඒ සෙතේමයි උන් බාගෙට බාගයක් සල්ලි යටමඩි ගහලා ලග ලග තැන් වලට එක්කන් ගිහිල්ලා ගියයි කියලා කියන්න ලමයි තියලා ෆොටෝ ගැහුවා ....අනේ ඉතිම් ඔය මුකුත් නොදන්න අපි එලිවෙන යාමයක් ඇහැරන් බලන් ඉන්නවා ...

අදත් ඒ වගේ...කවදාවත් නොදැකපු මෙච්චර කාලයක් පෙරුම් පිරුව දලදාවට යන්න මං එයා එනකන් පාර දිහා බලාගෙන...

මෙච්චර වෙලාවක් මග බලන් උන්නු මගේ ඇස් දිලිසුනා...එයා එනවා..කලු පාට එයාගේ ඩිෆෙන්ඩර් එක අතුරු පාරෙන් ඇතුලට දැම්මා...කන්ද උඩම ගෙදර තිබුන මට මුලු පලාතම පේනකොට මම එයාගේ ඩිෆෙන්ඩර් එක මේ දිහාවට ඇදෙනවා උඩ පැන පැන බලන් උන්නා...

නැවැත්තුවා..නැවැත්තුවාආආආආආඅහ්හ්හ්හ්....මම උඩ පැන්නා...වටයක් කැරකිලා උඩ පැනපු මම ගන්න කියලා දෙයක් නැති එකේ ඇරපු නැති වැට කඩුල්ලටත් උඩින් පැනලා එයාගේ ජිංගිබිගිස් එක ගාවට දිව්වා...උස්මක් කටක් ගන්නෙ නැතිවම ජිංගිබිගිස් එක ඇතුලටත් නැග්ගා...ඔරවන් ඉන්න එයාගේ උකුලටත් පැන්න...හා පැටියා වගේ පැන පැනම ආපු මම අවසානෙට එයාගෙ ඉන දෙපැත්තෙන් කකුල් දෙකත් දාගෙන එයාගේ බෙල්ල අස්සට මූන ගහ ගත්තා...එයා තත්බීරි වෙලා වගේ ගල් ගැහිලා ඉන්න කොට මම කෝලා බබෙක් වගේ එයාගේ ඇග උඩ ඉදන් දහාට සන්නිය නැටුවා...

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now