🌼සඳ පුෂ්පයේ සතරවැනි දිගහැරුම🌙

7 4 12
                                    

මේ ලෝකයේ මොන දේ වුවත්,
එය කෙසේ වුවත්,
කාලයට එය අදාළ නෑ...
ඔහු ඔහුගේ ගමන නිහඬව යනවා...

උදෑසන හිරු පායනවා සමඟම ජුන් සුදානම් වී නූවාව හමුවීමට පැමිණියා.

නූවාත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේ...

"සුභ උදෑසනක්..."

"ඔබටත්... සුභ උදෑසනක්"

"ඔබ ඒ ගැන සිතන්නට ඇති නේද?"

"ඔව්... මම කැමති.. නමුත් මට බෑ ඔබට නියමාකාර සොන්සෙන්නිම් කෙනෙක් වෙන්න... ඒ තරමට මට අත්දැකීම් නෑ.."

"එය ප්‍රශ්නයක් නොවේ... මා කොන්දේසි පත්‍රයක් රැගෙන ආවා...
පළමු කොන්දේසිය... ඔබ මට ඔබ දන්නා සියල්ල කියා දිය යුතුය
දෙවැනි කොන්දේසිය... මට ඔබ ගැන විශ්වාසය පවතින ආකාරයට කටයුතු කර යුතුය... "

"ඇති.. ඇති.. මම කොහොමත් අන් අයගේ රහස් රකිනවා... මගේ ඔබ වැනි විකාර නම් නෑ. නමුත් මගේ සහෝදරයා සොයාගැනීමට ඔබ උපකාර විය යුතුය. එමෙන්ම මටත් ඔබ ගැන විශ්වාසය තියා ගැනීමට හැකි ද? "

" අනිවාර්යයෙන්ම... ශ්වේත ව්‍යාඝ්‍රයන් පොරොන්දු රකින්න දන්නා පිරිසක් "

" එසේද??? අපි බලමු ඔබට දැනට හැකි මොනවාද කියලා "

එසේ කියා ඇය ඇගේ අසිපත එලියට ගත්තා..

ඔහුත් අසිපත එලියට අරගෙන එයට සුදානම් වුණා..

පළමුවෙන් ම නූවා පහර දුන් අතර ඔහු එය සාර්ථක ව අසිපතෙන් වැළැක්වුවේය. මෙලෙස මිනිත්තු දහයක් පමණ සටන ගියාත් දෙදෙනෙකුගූන් එක් අයෙක් වත් පරාජය වෙයි කියල සිතුවිල්ල ළඟටවත් ඇවිත් තිබුණේ නෑ...

"ඔබට මගෙන් මොනවද ඇත්තටම ඉගෙන ගන්න ඕන???"

"ජිවිතය"

ජුන්ගේ ඒ වචනය සමඟ ම සටන ද නැවතුනේ ය.

"මට මගේ ජීවිතේ සැබෑ අරුත සොයා ගන්නට අවශ්‍යයි... එමෙන්ම මගේ මායා බලයත්"

"ඒකත් එසේද? එයට උපදෙස් ගන්න නම් අයෙක්ව මා දනී... හෙට දිනයේ අපි යමු මුණ ගැසීමට. ආහ්... ඊයේ දිනයේ විශේෂ සඳ පැයීමක් වූවා නේද? ඔබට වෙනසක් දැනුනාද?"

𝑴𝒐𝒐𝒏𝒇𝒍𝒐𝒘𝒆𝒓𝒔🌙🌼(on hold) Where stories live. Discover now