🌼සඳ පුෂ්පයේ පළමු දිගහැරුම🌙

43 10 49
                                    

"මේ ජිවිතය නම් හරියට තිත්ත ඔෟෂධ වාගේ... පියාණන් පවසන දේවල් කාටවත් තේරුම් ගන්න බෑ... අහෝ... මගේ තරුණ ජීවිතය"

Di junකඳුකර ආත්මයක් වුණ ශ්වේත වර්ණ ව්‍යාඝ්‍රයාගේ පුත්‍රයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Di jun
කඳුකර ආත්මයක් වුණ ශ්වේත වර්ණ ව්‍යාඝ්‍රයාගේ පුත්‍රයා... ශ්වේත ව්‍යාඝ්‍රයන් කඳුකර ආත්ම බවට පත් වෙන්නේ ඔවුන් තමන් ජිවත් වෙන ජිවිතයේ සෑබෑ අරුත දැනගත් පසුය... ඊට අමතරව මිනිසුන් නොවන මොවුන්ට උපතින් උරුම වෙන මායා බලය සොයා ගත යුතුය. ඔහුගේ බලය හඳුනා ගැනීමට නොහැකි වූ නිසා පියාද ඔහුව සමහර අවස්ථාවල නොසලකා හරින නිසා ඔහු අන් අය සමඟ ලොකු මනාපයකින් කටයුතු නොකරයි...

මොහු මෙලෙස කළකිරීමකින් තමාටම එවැනි කතාවත් පවස ගත්තේ තවමත් ඔහුට ජිවිතයේ සැබෑ අරුතත්, තමාගේ බලයත් සොයාගැනීමට නොහැකි වූ නිසාය...

"හිතන්න ජුන්... නුඹට මෙලෙස වුවොත්??? දැන් මා මේ හෙළෙන් මහ ගංගාවට පැන්නොත්??? ඔව්... එය බොහෝ දුරට සාර්ථක වෙවී... "

එලෙස පවසා ඔහු හාන්සි වී සිටිය ගසේ මුලෙන් ඈත් වී ඊයක වේගයකින් පහළ තිබූ ගංගාවට පැන්නේය ...

ඒ අසල සිටි ගැහැණු ළමයෙක් මෙය දැක අතෙහි තිබූ අසිපත බිම හෙළා ඇයත් ගංගාවට පැන්නාය...

ඇය මොහු ළඟට ළං වෙද්දී ඔහුගේ දෑත් නීල වර්ණයෙන් දිදුලන්නට පටත් ගත්තේ ය...

ඇය ඔහුව ගොඩ ගත් පසු ඇයම කතා කරන්නට පටන් ගත්තාය... නමුත් ජුන්ගේ සිහිය තිබුණේ ඔහුගේ දෑත් වලටයි..

"නුඹට මිය යාමට අවැසි නම් වෙනත් ස්ථානයකට ගොස් කරගන්න... නැතිනම් ඔබ නියඟලා අල ආහාරයට ගන්න..."

"නුඹ කවුරුන්ද?? නුඹ කෙලෙසද මා හට එලෙස කතා කරන්නේ?"

"මා මේ ප්‍රදේශය අරක් ගත් දේවතාවිය.. නූවා මගේ නම... . නුඹ කවුරු වුණත් මට කම් නැත"

𝑴𝒐𝒐𝒏𝒇𝒍𝒐𝒘𝒆𝒓𝒔🌙🌼(on hold) Where stories live. Discover now