♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 ♡

Start from the beginning
                                    

🤴  ඒකෙනේ  කෝ එන්න අප්පා ළගට

ඔම්මගේ  තුරුලෙන්  අප්පගේ  තුරුලට පැනපු  අරෝ ඒ  පපුවට  හේත්තු උනේ  ඒ  උනුහුම  තව තවත්  දැනෙන්න.

🤴  දන්නද  ඔම්මා කිව්වා මගේ  අපේ එකම සතුට අපේ කෙල්ල.  අපේ පන ටික.  අපේ හැමදේම. දන්නවද  ඔයාව  ඉස්සල්ලාම  දැකපු  දවසේ ඔයා හරියට හූණු පැටියෙක්  වගේ. ඔම්මා මගේ  අතර  දුන්නම  මන්  ඔයාව  අතට ගත්තේ හරි පරිස්සමට.  මට හිතුනේ මගේ අතින් මගේ චූට් පැටික්කී පොඩි  වෙයි කියලා.  

🤍  මන්  එච්චර  පොඩිද...?

ඇස්  දෙකත්  ජිල්  බෝල  සයිස්  කරගෙන  අරෝ  එහෙම  ඇහුවා.

👸 ඔව් ඔව්  ඔයා  චූට් ලේන් පැටියෙක් වගේ.  හැමෝම  කිව්වේ අප්ප වගේ  කියලා. මන්  රණ්ඩු  උනා  ඔයාගේ  හැල්මෝනියම්ලා එක්ක. ඔයා මන් වගේ  කියලා.

🤴 හම්මෝ ඔව්. කියන්න දුන්නේම  නෑ  මන්  වගේ  කියලා.

🤍  ඔම්මා  ඇත්තටම මන් කවුරු වගේද.

👸 ම්ම්ම්ම් ඇත්තරම මගේ කෙල්ල එයාගේ  අප්පා වගේ.

🤴 අන්න එකනේ මගේ   චන්ඩි කෙල්ල.

🤍  ආදරෙයි  ඔම්මා... ආදරෙයි අප්පා.

👸 අපිත්  ආදරෙයි මගේ  පැටියෝ. 

🤴 අරෝ  පැටියෝ.

🤍  අප්පා.

🤴 මේ  සමාජේ අපි හිතන  තරම්  සුන්දර නෑ. පරිස්සම්  වෙන්න.  පිටින්  පේන හැම  දෙයක්ම  ඇත්ත නෙවෙන්න  පුලුවන්  හැම  දෙයකම  ඇතුලාන්තයෙන්  දකින්න.  ඔයා මේ  සමාජය එක්ක  ඔයාගෙ ගමන  යන්ම ඕනී.  අපි හිටියා හෝ නැතා  ඔයා ඔයාගේ  ගමන යන්ම ඕනී.  නැති උන  දේවල් ගැන  දුක්  නොවී  ඉදිරියට  වැඩ කරන්න.   මගේ කෙල්ල ශක්තිමත් නේ. තේරුනාද..?

🤍 අප්පා.  ඔයා  පොරොන්දු  උනේ නෑනේ.

👸🤴  අපි  පොරොන්දු  වෙනවා අපේ  චූට් කෙල්ල එක්ක හැමදාමත්  හෙවනැල්ල  වෙලා  ළගම  ඉන්නවා  කියලා.

🤍 🫂😭

ඇස්  වලින්  එළියට පනින  කදුලු බිංදු කම්බුල්  දිගේ රූටලා  නිදහසේ  ගලාගෙන ගියා  ඒ හිතේ  කැකැරෙන  වචන කරන්න බැරුව  ගොලු  උන ඒ  අමුතු හැගීම  කදුලු  වලට පරිවර්තනය කරන්නට විතරක් අරෝට  හැකිවූනේ.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now