එතකොට අනාගතේදි කියන්න පුලුවන් නෙ මටත් දවස අරම වුනා මෙහෙම වුනා..මන් අරම කරා මේම කරා කියලා..

දුකනෙ කියලා දුකින් ඉන්න බෑ..අත පය කැඩිලා එක තැන වුනාට මගෙ සිත අයාලේ යනවානෙ..මේ ඉන්න ගමන් මන් උතුරු කොරියාවෙන් බෝම්බ උස්සන් එන්න ප්ලෑන් ගහනවා..

මට හරි ආසාවක් තීනවා උතුරු කොරියාවෙ අරයට දිව දික් කරලා එන්න..මගේ නිෂ්ප්‍රයෝජන මංද පෝශන ආශාවන් නිසා දවසක අත්වෙන ඉරනම ගැන දන්නෙ උඩ ඉන්න මගෙ බ්‍රදර් තමා..

හේයි බ්‍රෝ..යූ සී මී..ලෙග් ලෙප්ට් හැන්ඩ් ලෙප්ට්..බට් මයි මයින්ඩ් ඉස් වෙරි වෙරි හයියයි..

හයිය මයි මයින්ඩ් වට්ටනට කාන්ට් බව යූ ඩෝන්ට් නොව්...🎶

යු සෙන්ඩ් හෙන..හෙන සතපඩි සත්ත පඩි ටු මී..බට් අයෑම් ඉස්ටිල් පනපිටින් සක්‍ර..

මේ ටිකේ මගේ ඔලුව පාර්ලිමේන්තුව වගේ විප්ලව කරනවා.. ගමේ යන්න ඉදියත් ඒ ගමන සති දෙකක් විතර පහු වුනානේ..

ඔක්කොම කුනු බේරෙ වැවට වගේ ඉතිම් ඒවයේ කෙන්තිය මන් පිට කරෙ හේලාස්සයා පිටින්..හේ හේ..ඊයෙ මන් ඌව කාමරෙන් එලවලාම දැම්මා..

ඩොක්ට කිව්වාලු ගල්බැන්ඩේජ් එක දිගටම දාන් ඉන්න කියලා..අනෙ ඩොක්ටට හුම්මානෙ යන්න කියන්න ඇයි යකෝ..මොන ඉස්සො සවානක්ද මේ.. ඔක්කොටම හපන් සුදාප්පච්චී..ඒකෙන් ප්‍රගතියක් තීනවද කියලා බලන්න ඕනි නිසා ගමනත් පස්සට දැම්මා..

අනේ එහෙ ගියානම් එකක්..එහෙනම් මේ ගල් බාග දෙක ගලවලා දානවනේ..ඒත් ඉතිම් පත්තු බැදන් තමා ඉන්න වෙන්නෙ...

අදට සති එකහාමාරක් මන් ගෙදර ඇවිත්..එත් අත පය තාම එහෙම්මයි..පොඩි හරි සැනසීමකට තීන්නෙ හෙටින් පස්සෙ තුවාල අතට බෙහෙත් දාන රාජකාරිය අවසන් වෙන නිසයි..

හේලාස්සයාව මන් එලෙව්වට එකා නිසා තමා තුවාලෙ මෙච්චර ඉක්මන්ට හොද වුනේ..පොඩි වේදනාවක්වත් දැනෙන්නෙ නැතිවෙන්න එයා තුවාලෙ පිරිසිදු කරන එක පුදුමයි..මන් හෝදගත්තානම් තාම ඕකෙ හැරෝ..ඔක්කොටම හපන් බෙහෙත් දාන ඩොකා..එව්ව්..ඒකා ග්ලෝස් කෑල්ල කතුරෙන් අල්ලන් ක්‍රීම් එක මගෙ අතේ උලන්නෙ බටර් නයිෆ් එකකින් පාන්පෙත්තට බටර් ගානවා වගේ..තුවාලේ වේදනාවට නෙමෙ ඒක බලන් ඉද්දියි ඇග කිලිපොලා යන්නෙ..ඒකා පාර්ට් ටයිම් බේකරි රස්සාවක්වත් කරනවදෝ මන්දා..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now