"නිර්නාමික-7"

Depuis le début
                                    

අම්මා : අනේ.... ආධිල් උඹ ආවද කොල්ලො ?කොහොමද ඉතින් ? මං මේ බැලුවා ඇයි ඒත් පරක්කු කියලා

ආධිල් : ම්ම්.... කොළබින් ට්‍රැෆික් එකට අහු උණා අම්මා . මොකද මේ අම්මා පොල් ගහක් දිහා බලං කල්පනා කරන්නෙ ?

අම්මා : නෑ බං . තව දවස් දෙකක් ගියාම පළවෙනිදනෙ පුතා . මේ පොල් ටික කඩා ගන්න මිනිහා ආවෙ දැනුයි .

ආධිල් : අප්පා.... මං දැන්නෙ පොල් ගහේ නැගන් ඉන්න හාදයව දැක්කෙ . ඒක නෙවෙයි .... කෝ අම්මෙ නංගි .

අම්මා : උඹ එනවා කිව්වම අන්න ඒකි කුස්සියට පැනගෙන මොනවද හදනවා.... ගිහින් බලපන් . මං මේ වැඩේ ඉවර කරලම එන්නම් .

ආධිල් : ම්ම්.... ඒක නෙවෙයි අම්මෙ. කෝ තා~

අම්මා : මේ ටිකේ ශොප් එකට කට්ටිය එනවා වැඩී කියලා ඔය උදේම ගියේ.... එද්දි රෑ වෙයි කොහොමත් .

ආධිල් : ම්ම්....

තමන්ගෙ කාමරේට ගිහින් බෑග් එක තියපු ආධිල් හිමින් සැරේ ඇවිදගෙන ගිය් කුස්සියට . ඒ යනකොටත් එයාගෙ නංගි මොකද්දෝ ලොකු වැඩක් .

ශනෙලි : අහ්..... අයියා . දැන්ද ආවෙ ?

ආධිල් : ම්ම්... මොනාද හදන්නෙ ?

ශනෙලි : අලුවා...ඔයා ආසයිනෙ . තේකක් හදන්නම්ද ?

ආධිල් : එපා ශනූ... මං වොශ් දාගෙනම එන්නම් . ආවම බොමු .

ශනෙලි : තාත්තා නම් බැන බැන ඉදියෙ ඔන්න .

ආධිල් : එයා හැමදාම ඔහොමනෙ ශනූ . බනින්නැති දවසක් තියෙනවද ? එක්කො මං . නැත්නම් අර අහිංසක අම්මා . උඹ නම් ඉතිම් බටර් පාර ගාගෙනනෙ ඉන්නෙ....

ශනෙලි : ඉතින් අනේ... මං මොනවත් කළා ඈ... එක අතකට්ස් එහෙම කියන්නත් එපා අයියෙ . එයා අපිට බැන්නට මෙච්චර කල් හොදට අපිව බලා ගත්තනෙ...

ආධිල් : ම්ම්... මං වොශ් දාගෙන එන්නම්...

ශනෙලි : හා...

ආධිල් වොශ් දාන්න යන කොට ශනෙලි ආපහු තමන් කර කර ඉඩ්ජපු වැඩේ කරන්න ගත්තා . තමන්ගෙ රූම් එකට ගියපු ආධිල් පැයක් විතර හොදට වොශ් දා ගත්තා . ටවල් එකත් වැලට දාපු කොල්ලා ආපහු ගිහින් කිචන් එකේ තිබ්බ ඩයිනින්ග් ටේබල් එකේ පුටුවක් ඇදගෙන වාඩි උණා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Où les histoires vivent. Découvrez maintenant