දෙවන කොටස

133 29 10
                                    

අරලිය රත්වැව ගම්මානයට පැමිණ දින සති මාස ගණනින් ගෙවී යන්නට විය.. සැබැවින්ම ඔහු ඒ කාලය තුළ රත්වැවට අතිශයින්ම ඇලුම් කරන්නට පටන් ගෙන තිබුණි. ගම්වාසීන් අරලියව දෙවියෙකු සේ සලකා පිදූහ. ඔහුට ගරු බුහුමන් දැක්වීය. ගමේ පාසලේ දරුවන්ගේ ඇස් පෑදීමට ආ ගුරු දෙවියෙකු ලෙස ගම්වැසියන් තමාව සලකද්දි හොර රහසේ අධ්‍යාපන කාර්‍යාලවල රස්තියාදු වෙමින් තම ස්ථාන මාරුව සඳහා වෙහෙස වීම පිළිබඳව ඔහුගේ සිතෙහි එතරම් සතුටක් නොවීය.. නමුත් ඔහුට වෙන යම් විසඳුමක් නොවීය. සුජාත හාමුදුරුවන් දුටු පමණින් කැලඹෙන සිතෙහි රෝගය මේවන විට බොහෝ උග්‍ර තත්ත්වයට හැරෙමින් පැවතුණි. තමාගේ සිත මේ තරම් සුජාත හාමුදුරුවන් කෙරෙහි බැඳී ඇත්තේ උන්වහන්සේගේ රූපශ්‍රීය නිසාවෙන්ද එසේත් නැතිනම් ගතිගුණ නිසාවෙන්ද අසාමාන්‍ය සන්සුන් ස්වභාවය නිසාවෙන්ද යන්න අරලියට පවා විසඳාගැනීමට අපහසු ප්‍රෙහේලිකාවක් වී තිබුණි.. සුජාත හිමියන් සෑම අවස්ථාවකම තමාව උන්වහන්සේගේ ඉතා සමීප මිත්‍රයෙකු ලෙස ඇසුරු කරද්දි පවා තමන්ට එසේ සුජාත හිමියන් පිළිබඳව සිතීමට නොහැකි වීම සම්බන්ධයෙන් අරලිය සෑම විටම තමාටම සාප කරගත්තේය.. සුජාත හිමියන් සහ අරලිය ඉස්කෝලේ මහත්තයා අතර ඇති මිතුදම දිනෙන් දින දළුලා වැඩෙන්නේ යම්සේද අරලිය තමන්ගේ සිත තුළ සිදුකරන අරගලයද දිනෙන් දින ඒ හා සමානවම වැඩිවන්නේය.

එදිනද උදේ සිට වරුවක්ම දේශපාලනඥයෙකු හමුවීමට පෝළිමක සිටි අරලිය එයින් හොඳටම හෙම්බත් වී රත්වැව වෙත බඩගෑවේ හවස් වරුවේ හෝ දරුවන්ට යමක් කියාදීමට අවශ්‍ය වූ නිසාවෙනි.. තමන්ගේ පෞද්ගලික අභිමතාර්තයන් හේතුවෙන් තමා කෙරෙහි විශ්වාසය තබා පාසල වෙත පැමිණෙන දරුවන්ගේ කාලය නිකරුණේ විනාස කර දැමීමට අරලිය කිසිසේත්ම කැමති නොවීය.. ඔහු ගුරුවරයෙකු ලෙසින් තමන්ගේ ජීවිතයේ වගකීම අකුරටම ඉටු කළද හොඳ මිතුරකු ලෙස ඔහුට ඒ වගකීම එලෙසින් ඉටු කිරීමට හැකියාවක් නොවීය..

පාසල වෙත ගොඩ වදින සැනින් අරලියගේ සවනත වැකුණේ ඉතා මියුරු කටහඬකි.. ඒ ජාතක පොතේ එන ගුත්තිල බෝධි සත්ත්වයාණන්ගේ මියුරු කන්කලු වීණා නාදයට ම උචිත ඒ අනුව ම ළයාන්විතව ගලාගෙන යන හඬක් බැව් අරලියට සිතෙන්නට විය.. එය සැබෑවක්ම විය.. එතරම් මියුරු කටහඬක් ඔහු මීට පෙරිදින් කිසි දිනෙක අසා නොතිබුණේය.. කුරුල්ලන් මීමැස්සන් පවා සිය ගී ගැයීම මදකට නවත්වා සුජාත හාමුදුරුවන්ගේ හඬට ඒකාත්මික වී එය අසා සිටීදෝයි අරලියට මොහොතකට සිත්වන්නට විට.. හුළඟ පවා උන්වහන්සේගේ කටහඬට තාල තබන්නට විය.. පාසල ඉදිරිපිට ඇති විශාල අඹ ගසේ නොමේරූ දළු ඒ සුළඟේ තාලයට ලෙලැවෙන්නට වූයේ සුජාත හිමියන්ගේ ගායනාවට ඇහුම්කන් දෙන බව පවසමිනි.. මෙය තව තවත් අරලියගේ සිත අඳුරටම රැගෙන යන්නට විය.. ඔහු තුළ වූ ඉවසීම සෙමෙන් සෙමෙන් ක්ෂය වෙමින් පවතින බව ඔහුට දැනෙන්නට විය.. මෙතෙක් කල් තමා ප්‍රගුණ කළ ඉවසීමෙහි අවසානය එයදෝයි ඔහුට සැක ඇතිවිය.. මියුරු හඬින් ලෝවැඩ සඟරාවේ කවි ගයන සුජාත හාමුදුරුවන් වහන්සේගේ හඬ නොඇසෙන රුව නොපෙනෙන මානයකට යාමට ඔහුට අවශ්‍ය විය.. පාසලට එන්නට ආ ගමන නවතා දමා ඔහු පාසලෙන් නික්ම ගියේය. නමුත් ඔහු යා යුත්තේ හෝ යන්නේ කොහේටද යන්න පිළිබඳ ඔහුට අවබෝධයක් නොවීය.

සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹Donde viven las historias. Descúbrelo ahora