22 - සෙන් නදියට ගුලි කර දමමි : බිඳුණු පෙම්වතියකගේ දෙවන කවිය

26 7 0
                                    

සඳ,
උඹට ⁣මොකක්ද තියෙන අයිතිය
නොබලා ඉන්න මා දිහාව
රිදෙන බව මට දැන දැන
එක් වරක් බලන්න මා දෙස


හිනාවෙන්න පෙර ලෙසම
ඉඩ දෙන්න මට සමාව ගන්න
අලුතින් අරඹන්න හැමදේම
නුඹ හිටි බව අමතක කරන්න
ඊට මොහොතකට පෙර ඉඩ දෙනවද අන්තිම වතාවට
අතින් අල්ලලා වැළඳගන්න

නුඹ ගැන මතක සියල්ල ගුලි කර
විසි කර දැමුවද සෙන් නදියට
බැලූ විට සෙන් නදී දිය දෙස
නැගෙයි මතකයට වදන් පෙළ

ඉතින් සෙන්,
මා කෙසේ නුඹ අමතක කරම්ද?



 

S. නිහිනි ලිසාරා
බිඳුණු පෙම්වතියකගේ දෙවන කවිය.
2024. 01. 08

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now