14 - හැමදාම හැමතැනම

53 14 1
                                    

සුදු පාට ‌දොරවල් වැහිලා යන දවසක 
එනවාද නුඹ මා සමග ඇවිද යන්නට
හැමදාම හැම තැනම එකට කියුවට
මරණය ආපු තැන මම අද තනියම

ලබ් ඩබ් හඬ ඇසෙයි මට නැගී එන බැසී යන
ටික් ටොක් ඔරලෝසුව මරණය කැඳවා එන
සියස් වසකට ආයු බෝ වේවා කියූ මවගේ හඬ
පරයා නැගේවි දැන් හෘද මැෂිමක මූසල බීප් නද

තවත් පැය කිහිපයයි දොස්තරගේ හඬ බොඳව යන
පිරිත් නද ඇසෙයි මට දෙකන් පුරවා බිත්ති තුළ
කිව්වට වටිනවා කියා මගේ මේ ‌බොළඳ පණ ලොවට
මමත් එක් අයෙක් වෙමි පිළිකාවකින් මිය ඇදෙන


2023. 10. 30

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now