05 - ‌‌මොකට ලියුවාද අපි කවි?

97 22 2
                                    

බලන විට ‌ස්ටෝරිය අරයගේ
ලියා ඇත ‌සතර පද පෙම් කවි
දී ඇත ප්‍රේමයට නව අරුත්
මම කිසි දිනෙක අසා නැති

ඔව්වා මොනවාද මන්දා
ගැලුවාද ඔක්සිටොසින්
මදිවටද දුන් වදය
ඩ‌ෝපමේන් සහ සෙරටොනින් 

ඔය මොනවා කිව්වත්
හෝමෝනෙකට බැන බැන
දකින විට උස කොල්ලව
වෙයි මගේ හදත් ගිඩි ගිඩි

නොලියුවාට සතර පද කවි
ලෝකයට පෙනෙන්නට
ගයයි මගේ හදත්
නොඇසෙන්න පෙම් කවි

නොලැබෙනා බව සැක කළත්
කරයි තව තවත් පෙම් අපි
නොකියවන කළ උන් ඒ පද
මොකට ලියුවාද අපි කවි?

2023. 10. 05

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now