දාසයවන මන්දාරම 🍁

Start from the beginning
                                    

" හැලූ.."

අනේ ඒ ඇහුන එක වචනෙකට මට අඳුනගන්න පුලුවන් වුනා කව්ද කතා කරන්නෙ කියලා .. මගේ චූටි යාලුවට මාව මතක් වෙලා වගේ ..

අහ් එතකොට අර මුලින්ම පුතා කියල කතා කරපු ගැඹුරු හඩේ අයිතිකාරය බ්‍රිගේඩියර් රෂාන් ද..!

" හෙලෝ.. කව්ද මේ .."

ඒ හුරතල් හඬ ඇහෙද්දිම මං අදුනගත්තා උනත් නොදන්නවා වගේ කතා කරා ඒ හඬ අහන්න තිබුන ලෝබ කමට වගේම පුංචි විහිළුවක් කරන්න හිතාගෙන ..

" මේ මං අනී .."

" මං .. ම්ම් කව්ද මං .."

මං ඇහුවා .. 

" ඔයාදෙ නාලුවා .."

මං අහද්දි පුංචි පොඩ්ඩ යාලුව කියල උත්තර දෙද්දි මගෙ තොල් අතර ඇදිල තිබුණ හිනාව තවත් පුළුල් වුනේ මං එදා එයාව යාලු කර ගත්ත විදිය මතක් වෙලා ..

" ඕ මගෙ යාලුව ... කව්ද හිරුෂ ද .."

මං නොදන්නව වගේ දිගටම කතා කරන්න උත්සාහ කරත් මටත් නොදැනීම මං වැඩේ අල කර ගත්ත කියල තේරුනේ එතනින් එහාට පොඩ්ඩගෙන් සද්ධයක් නැති වෙද්දි .. දෙපාරක් විතරම මං කතා කරත් පොඩ්ඩ සද්ධ නෑ .. ඒකෙන්ම තේරුනා මේ කොල්ලට පොඩ්ඩ ඇත්නම් තද වෙන කොච්චි කරලක් කියලා .. අනේ ඉතින් අන්තිමට මට පරාජය භාර ගන්න වුනා ඒ කොච්චි කරල ඉස්සරහ ..

" ඔහ් කෝ මගෙ යාලුවා .. මාත් එක්..."

" තලායි තමයි මං .."

මං අහන්න ගියෙත් මාත් එක්ක තරහ වෙලාද කියල වුනත් මටත් කලින් පොඩ්ඩ මාත් එක්ක තරහයි කිව්වෙ මගේ මෝඩ වැඩ වලට මටම හිනා යද්දි .. විහිළුවක් කරන්න ගියාත් මට තේරුනා මේ පුංචි කොල්ල එක්ක විහිලු කරන්න ඕනත් හරි පරිස්සමට කියල ..

" හරි හරි ඉතින් ඔයාගෙ යාලුවට සමාව දෙන්නකෝ නෙතුල් බබෝ .."

" බෑ මං තලායි .."

" ඒ මොකෝ .. අනික මං සමාව ගත්තනෙ දැන් .."

" බෑ ඔයා මට බොලු කීවා .. බබාත දුක හිතුනා ඔයාත නෙතුල් බබාව අමතක වෙලා කියල .."

අනේ මගේ මෝඩ විහිලුව ඇස් රතු වෙන විහිලුවක් වෙලා පුංචි පොඩ්ඩට ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now