👑🌺 කිරුළ 7 🌺👑

Mulai dari awal
                                    

....

මේ හරියේ කුඹුරු යායම ඉස්සර අපෙ උණත් දැන් එක එක අයිතිකාරයො ඉද්දී ඒ ගොඩක් කුඹුරු අඳේට අරන් වැඩ කරේ සීයා වෙද්දි බංගලාව ළඟම කුඹුරු කෑල්ලේ වැඩ කරද්දි ඇහුණ විස්තර සීයා කියෙව්වෙ කිසිම නොරිස්සුමක් නැතිව පොඩි එකෙක්ගෙ හපන්කම් ගැන කියන්නා වගේ වෙද්දි, ඒ විස්තරේට දැන් අවුරුදු බර ගානකට කලින් බංගලාව හදපු දවසෙ ඉඳන් මුරට ඉන්න ආරි මාමාගෙන් අහපු විස්තරේකුත් එකතු කරද්දි මං පුදුම උණා...එකට උන්න වෙලාව අතේ ඇගිලි ගාණටත් අඩු පැය ගාණක් උණත් එක මොහොතකටවත් තරහක් කේන්තියක් නොදැක්ක ඒ මූණ මට මතක් උණා..

"අර චතුරයා හෙම ගම පුරා කිය කිය යනවා මං අහගෙන බොසාට ගිනිපුග් ගාය කියලා..."

......

"මොන පුග්ගායවත් ඒ මහත්තයාට නෑ...ඔය උඹ එක්ක හිනා වෙවී යසට උන්නේ...මට පේන්නෙ ඕකෙ වැඩ කරණඋන් එද්දීම මරිසි කෙලලා පොට වරද්දන්..ඒකයි ඔය තදට ඇත්තෙ...ඔය චතුරයා,සුමංගයා එහෙම කොහොමත් නාහෙට නාහන උන්නේ .."

චතුර අයියලාව මතක් කරද්දිත් මට හොයන් ගිහිං කණට එකක් දෙන්න හිතුණා...කොහොමත් ගමේ ලොකුම කඩේ එයාලගෙ වෙද්දි ඒ ගැම්මෙන් කොහොමත් ලොකුකම පෙන්නන් උන්න චතුර සෙවරින් මහත්තයා ඉන්න කාලෙත් බංගලාවේ හයිය අරන් පුදුම විදිහට රැඟුවා වෙද්දි ඌ බංගලාවේ විස්තර හොයන් ඇවිත් කඩේ ළඟ අතිනුත් දාලා කියවද්දී,බන්ගලාව ගැන කුතුහලෙන් උන්න ගොඩක් මිනිස්සු ඒවා මහ ඉහලින් පිලිගත්තා..කොහොම උණත් සියා අන්තිමට කියපු කතාවෙ ඇත්තක් ඇති කියලා මට හිතුණා...

"හ්.ම්ම්ම් එහෙම වෙන්න ඇති.."

"ගමේ උන් නම් අතේ දුරින් තියන් ඉන්න එක හොඳයි..උඹලා අපි වගේ, මහත්තයාලා හිත සතුටින් දෙන දෙයක් අරන් පැත්තට උනාට, මතකනෙ සෙවරින් මහත්තයා ඉන්න කාලෙ...නැති බැරි කමට නෙමෙ පුරුද්දට බංගලාවේ හිඟමන් ඉල්ලන් යන්නත් සමහරු පුරුදු වෙලා හිටියානේ.."

.......

"ආදරේ මනුස්ස කම තියෙන උන් ළඟට මිනිස්සු නෙමෙ සතා සිපාවත් ඇදෙනවා බං ආදරේ හොයන්..ඔය චතුරයා එහෙම වගේද...උඹ හොඳ එකා...තනි පංගලමේ යාලුවෙක් මිත්තරයෙක්වත් නැතිව තනියම ඉන්න එකේ ඒ මහත්තයාටත් ඒක දැනෙන්න ඇති.. ඒකනෙ මේ ආව පිටට උඹ එක්ක ඔය හැටි එකතු උණේ.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Tempat cerita menjadi hidup. Temukan sekarang