👑🌺 කිරුළ 8 🌺👑

747 124 60
                                    

"චමිලි..."

"චමිලි නෙමෙ මූඩයො..ච...මේ...ලි.."

අක්කගේ පොඩි එකී..ලෙවින් සර්..මම...අපි තුන් දෙනා හිටියෙ වෙල මැද්දෙ පාර දිගේ ගම ඇතුලට යන ගමන්...ඉතිං එයාගෙ යාලුවෙක් වෙන්න කැමැත්ත දීලා සති කීපයක් ගෙවිලා ගිහිං...බැලූ බැල්මටම ඉතිං අපි යාළුවෝ... ගමේ මිනිස්සුන්ට නම් ඒ ගැන ලොකු අමාරුවක් තිබුණ බව ආරංචි උණත් මං ඒ ගැන ගණන් ගන්න ගියේ නෑ...ගමේ මිනිස්සුන්ගෙ කතා අහලා මුලින් අම්මත් එයා ගැන නොපැහදිමෙන් උන්නත් , ආරි මාමා එක්ක කතාබහ කරන්න ලැබුණු දවසකට පස්සෙ මගෙනුත් අහපු විස්තර එක්ක,එයා එක්ක දවස් කීපයක් කතා කරලා ඇති උණ පැහැදීමත් එක්ක අම්මා එයා ගැන එක එක දේවල් කිය කිය අනතුරු අඟවන එක උපදෙස් දෙන එක අත ඇරලා දැම්මා..ඒකටත් එක්ක බාප්පාට නම් මාව මරන් කන්න අළුත් හේතුවක් ලැබිලා තිබුණා..වෙලාවකට එයාවආශ්‍රය කාරණවට බනින බාප්පාම තවත් වෙලාවකට එයාගෙන් ලාබ ප්‍රයෝජන ගන්න හැටි උපදෙස් දුන්නා...

ඔය ඔක්කොමත් මැද්දෙ එයා පාන්දර බැලුන් යද්දි, මම ස්කූල් යද්දි,පාරකවත් මුණ නොගැහුණත්, හැමදාම හවස මං නාන්න යන වෙලාවට එයත් නාන්න ආවා..විශේස දෙයක් නැතත් අපිට කතා කරන්න හුගාක් දේවල් තිබුණා...ලංකාව ගැන, ගම ගැන වගේම එයාගෙ රටේ විස්තරත් අපි කතා කරා..එකට පිස්සු කෙල කෙල ඇලේ බැහැගෙන පැය ගණන් ගත කරා...හිටි ගමන් මාව ගිලගන්න අමුතු බැල්මවල් වලට,කලින්ට වඩා සිංහල හොඳට කතා කරන එයා හිටි ගමන් එයා කියන අමුතු කතාවලට, ඒ දේවල් නිසා වේගවත් වෙන හද ගැස්මට..දවසින් දවස එයා ගැන දැනෙන අමුතු හැඟීම් වලට හේතුවක්වත්,ඒ දේවල් වල තේරුමක්වත් නොදැන තාමත් හොයාගන්න බැරි උණ "ඕනම විදිහේ යාළුකම" ගැනත් හිතේ තියෙද්දි ,කියන එකෙක්ට නැති තැන කියන දෙයක් කියාගන්න දීලා ඒ වගේ තැන්  පුළුවන්තරම් මඟ අරින ගමන්,අපිව තවත් කිට්ටු කරන් දවස් ගෙවිලා ගියා..

ඉතිං අද සෙනසුරාදාවක් වෙද්දි එයාගෙ ඉල්ලීම පිට අපි වෙල් යාය වටේ රවුමක් යන ගමන් හිටියා වෙද්දි , දැනටමත් එයාගෙ කර උඩ උන්න පුංචි එකී එයාට හරියට කියාගන්න බැරි උණ නම ගැන රණ්ඩු කරන ගමන් එයාගෙ කොණ්ඩෙ අත් දෙකෙන්ම අල්ලන් අදිද්දී , කොන්ඩේ ඇදපු පාරට එයා හිනාව අස්සෙන්ම කට බෙරි කරගද්දී පොඩි එකීට සැර උණා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now