මිහිදුම් දවස් ගානක් ඇතුළෙ විච්ච දේවල් කිව්වා..ඒ දේවල් වල එයා කොච්චර නිවිලා කියල පෙන්නන ගියත් එයාගෙ හිත කලබලයි කියලා මට දැනුනා.කිව්ව දේවල් වුනත් තෝරලා බේරලා කිව්වේ.දවසකට පස්සෙ ඉර එළියක් මූණට වැටෙනකොට මගෙ ඇස් නිකන්ම ඇරුනා..

"චෙනෙත්.. ගුඩ් මෝනින්"

"ම්ම්"

ඒවෙලාවේ ඒ හැම තත්පරයකම වෙන දේවල් මිහිදුම් බලාගෙන හිටියයි කියල ඕනෙ එකෙක්ට හිතන්න පුලුවන් , මම ඇස් ඇරිය ගමන්ම එයාගෙ කටහඬ මගෙ ළඟින්ම ඇහුණා.ඊයෙ හවස මගෙ එඔක්සිජන් මාස් එක අයින් කරා.අද කාලෙකට පස්සෙ මගෙ අත්වල තියෙන කටුවල වේදනාව මට දැනුනා..ඒත් ඒකට වඩා මට නැඟිටගන්න බැරිතරම් ඇටකෝටු රිදෙනවා..ඔලුවත් රිදෙනවා..මිහිදුම්ගේ කොණ්ඩෙත් වැවිලා මුල්ම වතාවට මම දැක්ක එයාගෙ තොල්වලට උඩින් පොඩි රැවුල් කොට පවා ඇවිල්ලා.එයා හිනාවුණා.යන්තන් වත් වෙහෙසකරවවත් නැතුව සම්පූර්ණ සතුටකින් හිනාවුණා.ඒකරල මගේ කම්බුල් දෙපැත්තට හාදුදෙකක් දීලා පපුව හරියෙන් තව හාද්දක් තිබ්බා.

"සේලයින් එක අයින් කරලා කන්න ඕනෙ නේදැන්..පොඩ්ඩක් නැගිටිමුද ඒක නිසා"

"ම්ම්.."

ඒ කියන්නේ මේ පේනවට වඩා කටු මගෙ ඇඟෙ තිබිලා තියෙනවා..ඒක හිත හිත මිහිදුම් කෑම එකක් ගන්න හැරෙනඅතරම මම ඇඳෙන් නැගිටින්න බැලුවා.. තරුපිට තරු පෙනුනා..

"ඕහෝ හෝ.. යූරින් .. ඇනගත්තද..පැහිච්චකම තියෙනවනේ මොනා නැතත්..ඒකත අයින් කරන්නද දැන්..නැගිටින්න පුලුවන් නේ..බැරිඋනත් හෙමින් හෙමින් හරි ඇවිදින්න බලමු ම්ම්.."

මිහිදුම් ඩොක්ට වගේ එපා කියන බට සේරම අයින් කරලා ලේ එකක් විතරක් එන එකක් අතේ ඉතුරු කරා..මට ආසයි මම මුල්ම දවසේ හිටිය විදිහ බලන්න..ඒවගේම මේ ඇඳන් ඉන්න එක ඇන්දුව කෙනා බලන්න.තව කිව්වොත් මූත්‍රා බටේ  ගැහුව කෙනා දිහා මිහිදුම් බලාගෙන හිටිය විදිහ බලන්න.. ඒව නැතත් මට දැන් නිකන් අර කොවිඩ් කාලේ වගේ හෙන සාමකාමිකමක් හිතට දැනෙනවා..අනික මේක වැඩ කරන අය පවා ඉන්න එකම ලෙඩා මම වගේ මගෙ ලඟමයි ඉන්නේ.. සතියක් විතර කාමරේ ඉදලා ආයෙම මට ගෙදර යන්නත් බෑ වගේ.මුලින් පොඩ්ඩ පොඩ්ඩ කෑවට පස්සෙ පස්සෙ බලන්න එන අය ගේන ඒව නම් ' ඔය මදි අනේ තව කන්න' කියල  නොකියන ගානට කෑවා. මිහිදුම් ටත් ඉතින් සෝමාලියාවට පාන් ගේනවා වගේ එළියට ගිහින් එනකල් කරන්නෙ කන්න ගේන එක.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now