46

668 88 29
                                    

"අභි..ශෙ..ක්ක්..හ්"

කාර් එක කන්ටේනර් එකේ හැප්පෙන සද්දෙට මං ඇස් නිකන්ම පියවිලා මාව ගැස්සුනා..ඒත් දෙවියෝ බැලුවා වගේ මං ඇස් ඇරිය ගමන් මිහිදුම්ගේ ලෙදර් ජැකට් එකේ අහුවුණ තැනකින් අල්ලගන්න වුණා..එයාගෙ ඉණිමඟ අතෑරුණා... ඒත්තෙක්කම සිහිය නැති වුණා... මගෙ අතින් මේන් ටිප් ස්විච් එක ඕෆ් වෙලා ගියා..ඇස් කොනට පෙනුනට ට්‍රෑශ් විච්ච වාහන ළඟට ම්නිස්සු දුවගෙන එනවා.. 

"නැගි..ටප..න්.. අභිශේක්..අනෙහ්.. හිදුවා.." 

 මං උන්නෙත් ටිප් එකේ එල්ලිලා..ඒ ප්ලාස්ටික් පෙට්ටියට අපි දෙන්නවම දරාගන්න බැ කියලා ඕනෙ එකෙක් ට තේරෙනවා. ඉණිමඟ උනත් වැනෙනවා..මගෙ අත් දෙකේම හම ඇඳිලා ඉරෙන්න තරම් වේදනාවයි..

"වැහැපන්කො දෙයියනේ... අභිශේක්.. මං.."

ඉණිමඟ දිගේ පහළට බහින්න පඩි තුනක් විතර තිබුනත් මම ගැස්සුනොත් මිහිදුම් තට්ටු හතරෛන් බිම..අකුණක් ගැහුවොත් අපි දෙන්නම බිම..මුල්ම වතාවට මට මරන බිය දැනුනා..ඒත් මේක මරාගෙන මැරීමක් වගේ..එක්කො මිනී මැරීමක්..දාහක් දේවල් ඔලුවට එනකොට මං දෙයියන්නට යැද්දා.. අඩුම-

"අඩොව්ව්.. හිදුවා.. චෙනෙත්"

"මූව ගනින්..."

"හිදුවා.. හිදුවා... මොක්..අරක..අඩෝ..ගිනි ග්-"

"ශූ...එයාව එක්කන් යන්න.මං -"

"දිඩිං"

"...ටිප් එක දාලා එන්නම්"

"මඟුල.. දාලා ඇතුළට වරෙන්.. හිදුවා.. නැගිටපන්"

මොන වෙලාවකටද මන්දා ශෙහාන් අකිත් එක්ක උඩට ආවා..ශෙහාන්ගෙ කරට මිහිදුම්ව දෙනකොට වත් එයාට සිහිය ආවේ නෑ... මිහිදුම්ගේ හිත,ඒ කියන්නේ අවුරුදු ගානකට උන දේකිනුත් එයා තවම ගැස්සෙනවා.. සමහර විට ඒක එයාගේ දුර්වල තැනක් වෙන්න පුලුවන්..මං ටිප් එක දාලා පුලුවන් උපරිම වේගෙන් පහළම තට්ටුවට දුවගෙන ආවා.. අත් දෙක නෑ වගේ..කකුල් දෙකත් බාගෙට වැඩ කරන්නේ.. 

"ඔ.."

"චෙනෙ.."

"නෑ ඒක හරි.. ඔයාට මොකද උනේ.. අමාරුවක් තියෙනවද.. ම්ම්..මෙහෙ බලන්න.."

EVENING PRIMROSE | COMPLETEWaar verhalen tot leven komen. Ontdek het nu