36

525 74 51
                                    


" උඩට ඇඳන් ඉන්න එක ගලවලා දාලා මෙතන දණගැහුවනම්"

මං මිහිදුම් ගේ මූණ බැලුවා. එයත් බයවෙලා වගේ. ශෙහාන් අපි එක්ක ආවට එයාට මුතුරාජ් සර් යන්න කිව්වා. දැන් ඉන්නේ අපි දෙන්න විතරයි. ඒකත් කෑම්ප් එකේ වෙනද දැකලා නැති පොඩි අඳුරු කාමරේක.

"කිව්ව දේ ඇහුනේ නැද්ද චෙනෙත් ට"

මං දණ ගැහුවා.

" උඩට ඇඳගෙන ඉන්න කමිසේ ගලවන්න කියලත් මං කිව්වා."

මම කියන දේ කරා. 

"හ්ම්..පේනවනේ මේ පටි දෙක..අත් දෙක ගැටගහන්න යාලුවගේ"

"ස්..සර්"

"කතා එපා කිව්ව දේ කරනවා"

 මං දණගහගෙන හිටිය තැන මට උඩින් හරහට යකඩ පොල්ලක් තිබුනා.ඒකේ පටි දෙකක් තිබුනා. පටි දෙකේ කෙළවර මාංචුවක් වගේ කොක්කක් තිබුනා.මිහිදුම් ඇවිත් ඒකෙ මාව ගැටගැහුවා.

"දැන් කියමු බලන්න මොකද මේ වෙස් මාරුව කියලා."

"....."

"කතා කරේ නැත්තන් මේ රබර් පටිය පේනවනේ" සර් අතේ රබර් පටියක් බාගෙට ගැටගහලා වගේ අල්ලගෙන හිටියා. මට බය හිතුණා අම්බානකට.

"මොකෝ වුනේ.. මට ගුරුවරු කිව්වා පන්තියේ ඉන්නේ නෑ කියලා. තව මෙහෙන් මට කිව්වා වැඩ බැහැලා කියලා මොකද වෙලා තියෙන්නේ ..ම්ම්ම්.."

"...මම හොඳින් අහන්නේ "

"ම්...දන් නෑ"

"මමද දන්නේ"

"එක්ස්කියුස් මී සර් එයාට අසනීපයි"

"අසනීපයි... පන්තියේ ඉන්න... එහෙනම්  ගෙදරට වෙලා බුදියගන්න ඕනෙ නේ..අහවල් එකක්ද ඉස්කෝලේ කරන්නේ.එතකොට ඊයෙත් ඔය අසනීපේ ඇඟේ ගහලා තිබ්බද.... බේබද්දා වගේ බිව්ව ද...මට ආරංචි වෙන්නේ නෑ කියලා හිතුවද චෙනෙත්... බොහෝම ඉවසීමෙන් මං මේ කතා කරන්නේ... ගෑනු ඇවිත් ඇගේ ඇතිල්ලෙද්දි තමුන් උන්ට ඕනෙ එකක් කරගන්න දීලා හිටියද"

".... " 

"..... මේ මගෙ ළඟ සාක්ශි තියෙනවා.. ඔය කටවහගෙන ඉන්නේ මං කියන්නේ බොරු නෙවෙයි නිසානේ"

සර් ෆෝන් එක මගෙ පැත්තට හරවද්දි, මං කෙල්ලෙක්ට ඇඟට එන්න දීලා ගානක් නැතුව ඉන්න වීඩියෝ එක ප්ලේ වුනා..මට බය හිතුනා එතනින් පස්සේ වුන ඒව දැක්කොත් අපිව මරලා දායි.

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now