41

792 90 48
                                    

"මේ චෙනෙත් , එහට්ට පල මට බිත්තිය අයින ඕනේ"

"බිත්තිය අයිනක් නැත්තන්"

"ඒ නැත්තන් ඒක බලාගන්නම් දැන් තියෙනවනේ..පල පල"

"බැහ්" 

අකිතයට මුල්ල ඕනෙ කියලා අගේට නිදාගෙන හිටිය මගෙ කකුල් දෙකෙන් ඇදල ඇඳේ හරහට දැම්ම.මං ආයෙම බඩ ගාගෙන මුල්ලට ගියත් ඒ පාට මගෙ සුන්දර කෙස්වැටියෙන් අල්ලලා තල්ලු කරාම මං කටට කෙළ ගුලියක් අරගෙනඌට දික් කරා. ඒවත් නතර නොවී ඒකාම ඇඳෙන් බැහැලා ගිහින් මිහිදුම් එක්කරගෙන ආවා.

"මැදට එන්න."

"බැහ්."

"මං මේ කොනේ පස්සේ ශෙහාන් ඊට පස්සෙ උඹ හිටපන් ඊට එහා පැත්තෙ දෙයියනේ කියලා චෙනෙත් නිදාගනින්.අකිත්ට මුල්ල දීපන්"

"මේ මනුත්..එකෙක්ට වත් මගෙ පැත්තට කතා කරන්න බෑ ද..මටෝන්නෑ එකෙක්වත් මං යනවා ටබ් එකට"

මිහිදුම් ගිහින් ලයිට්ස් ඕෆ් කරලා දසමහා යෝධයා වගේ මාව උස්සලා ඇඳට වි.සි.ක්.ක.රා..

"අද කනවා පුතේ උඹ.දාපන් ඔය ලයිට් එක"

"ශූ..සේරම නිදි සද්ද කරන්න එපා"

"උඹ මහපගය නොවී හිටපන්.."

මං විතරක් ඇඳේ වාඩි වෙලා ඉද්දි අනිත් ඔක්කොම නිදි වගේ හිටියා.බැරිම තැන මං අකිතයට දේයි ගාල එකක් දීල හාන්සි වුණා.

"මං හිතන්නේ තව ටිකකින් මනුත් බිම"

"වැටුන දෙන්"

"අනිත් පැත්තට නිදාගමුද"

"බැහ්.."

"ඕනේ නෑ ..මං වැටෙන්නේ නෑ"

ශෙහාන් මනුත්ට ඉඩ දෙන්න කියලා එහට්ට මෙහට්ට වෙනකොට උඩු බැලි අතට නිදාගෙන හිටිය මගෙ අහිංසක ශරීර ධාතුව උඩට මිහිදුම් කියන ගරා යකා නැග්ගා..

"දෝදුද..බැහැ..එහාට වෙන්න..මට ඔය්...අහ්.."

මං එක එක වචන කියන ගානට මිහිදුම් තොල් උඩින් හාද්ද හාද්ද තිබ්බ.කට වහගන්න කියන්න වගේ. ඇත්තනේ කට අරින්න බෑ..එහෙමයි කියල මට එළිවෙනකල් මේ මනුස්සයා උස්සන් ඉන්න බෑ..

"ආආ..හරි මනුත් මෙහාට එන්න" 

ශෙහාන් මගෙ එහා පැත්තට ආවා.දැන් කොහොමත් මේකව බස්සන්න බෑ..මං අසරණ වෙලා වගේ ඇස් ඇරගෙන ලී ගහපු වහලේ දිහා බලාගෙන ඉන්නකොට මිහිදුම් එයාගේ මූණ මගෙ බෙල්ල අස්සෙ තියාගත්තා.

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now