මිහිදුම්ගේ ඇස් වලින් සට සට ගාලා කදුලු ආවා.එයා බිඳිච්ච හඬකින් ඒ කියන වචනයක් ගානේ මට පිහි පාරවල් ගහනවා වගේ.. මම මිහිදුම්ගේ වැලමිට ළඟින් අල්ලගත්තා..මට එයාට වැළදගැනීමක් දෙන්නවත් මාව අප්පිරියයි..මට දැනෙනවා මගෙ ඇඟේ අලුත් වෙච්ච බාගෙට වේලුන ලේ ගොඩක් තියෙනවයි කියලත්..

"..මම උඹ දැනගන්න ඕනෙයි හිතෙන ඒව විතරයි මම කියලා ඇත්තේ..දන්නවනේ නදිව් කියන්නේ මගේ මස්සිනා කෙනෙක්..ඒත් ඒක අපිට අදාල නෑ .. ඔයා බනි ඒක මම කිව්වනම් ඔයා කොහෙද ඒ පවුලෙ අහයි.. මම... ඒකයි කිව්වේ නැත්තේ...

... එයා නුවර ආවයි කිව්වම මට අද ගමන යන්න ඕනෙමද හිතුනා. එයා කොහෙන් හරි ඔයාට කතා කරයි කියලා හිතුණා..ඒත්.. "

"අඩන්න එපා..ම්ම්.. ඔහොම ඔයා අඩන්න එපා.. මම නේ වැරදි..ඔයා ගොඩක් පාරක් කිව්වට දොර අරින්න එපා කියලා මම නේ ගිහින් ඇරියේ.. ඔයා නදිව් ඔයාගේ නෑදෑයෙක් කිව්වත් මම දොර අරිනව..මමයි වැරදි මිනිස්සු විශ්වාස කරේ..ඔයා ඔයාට බැනගන්න එපා..ම්ම්"

මිහිදුම් මාව බදාගත්තා..එයා ඉකි ගහ ගහා අඩනවා.. එයා අඩලා ඉවර වෙනකල් මම එයාව වාරු කරගෙන හිටියා. එයා අඩලා ඉවර වුණයි කියලා හිතුන ගමන්ට මිහිදුම් මාව උස්සලා ගත්තා..

"අභිශේක්..මට.. මාව බිමින් තියන්න..මම.."

"ඔයා මගේ.. මොකා මොනා කරත් මගෙ විතරයි..කටවහන් ඉන්න"

තුන් වෙනි පාරටත් මට නාන්න වුනා.. මද රස්නේ වතුර වුණත් ඇඟට වැටෙනකොට ගිනි රස්නෙයි වගේ දන්න පටන්ගත්තා..මිහිදුම් මාව හෙමින් නාවව්වා.. මුළු ඇඟටම ස' විස් එකක් දුන්න වගේ.

"හිනාවෙන්නේ නැත්තන් බඩ්ඩක් කියන්නද"

"ම්ම්"

"මට නිකන් මාව නැති වෙලා සතියකින් හම්බෙච්ච මක්කෙ වගේ"

මිහිදුම් හිනාවෙලා මගේ නහයට පොඩි හාද්දක් තිබ්බා. මාව නාවලා එයාම ඇඳුමක් ඇදගන්නත් උදව් කරලා පොඩි පොඩි තියුනු තුවාල වලට ක්‍රීම් එකක් ගෑවා..

"මම බයික් එක දාලා කාර් එක අරගෙන එන්නම්"

"ඕන්නෑහ්..මෙන්න මෙහෙ ඉන්න"

EVENING PRIMROSE | COMPLETEDTahanan ng mga kuwento. Tumuklas ngayon