11.) අවසානයට... 🤍

610 57 78
                                    


" අශේන්.....!!   ඒ .... ඒ අශේන් නේද අග්‍ර.."

" ඔව් වස්තු, එක කුස උපන්නෙ නැතත්, ඔයාගෙ එකම මල්ලි... "

" අග්‍ර එයා.... "

" ෂ්.... කලබල වෙන්න එපා.. මන් කිව්වනෙ...
මල්ලි, එන්න යමු... ගෙදර ගිහින්ම කතා කරමු...."

මට හිතාගන්න බැරි උනා... ඒ අශේන්...
මොනා උනත් එක කුස නූපන්නත්, මගෙ සහෝදරය.. මීට අවුරුදු හතරකට කලින් හම්බුනා හරි ආයෙ මට හම්බුනේම නැති මගෙ සහෝදරය... එදිරිවීරගේ ප්‍රශ්නෙන් පස්සේ, ඒ සේරම දේවල් අයිති උනේ අශේන්ට , ඒත් එය ඒ එකක්වත් භාර ගෙන තිබ්බෙ නෑ... එයා මුලු රටෙන්ම සමාව අරන් තිබ්බ කියල විතරක් මන් දැනන් හිටිය, එතනින් පස්සේ එයාට මොනා උනාද කියල මන් දන්නෑ... මන් හොයන්න ගියේ නෑ, හොයන්න වෙලාවක් තිබ්බෙ නෑ.... ඊට හපන් මාව දකින්න එයා
කැමති වෙන්නැති වෙයි කියලමයි මන් හිතුවේ.... ඒත් එයාව මේ විදියට දකිද්දි, මාව ඇත්තටම කරකෝල අතෑරියා වගේ උනා.....

අපි ගෙදරට ආවා.. හැමෝම සතුටින්
කතාබහ කර කර හිටියා.. මන් බලාගෙන අග්‍ර , අම්ම එක්ක පැත්තකට ගිහින් කතා කරනවා.. තාම මොකුත් හිතාගන්න බැරුව මන් ඉදගෙන ඔහේ බලන් හිටියා..

" අයියෙ....."

" ම්..මල්ලි...."

වාහනේ එනකනුත් මොකුත් නොකීව අශේන්, ගෙදරට ඇවිල්ලත් පැය බාගෙකින් වගේ, හැමෝම සාලෙ ඉදගෙන කතා කරකර ඉද්දි මට අයියෙ කියල කතා කලා.. අනිත් අයත් අපි දිහා බැලුවා, අග්‍ර හිටියෙ මගෙ එහා පැත්තේ ඉදගෙන,මගෙ අතින් අල්ලන්, එයා මගෙ අත මිරිකුවා, කතා කරන්න කියන්න වගේ... මාත් මල්ලි කියල කතා කලා...

" අයිය මාත් එක්කත් තරහින්ද.. උන සේරටම මට සමාවෙන්න අයියේ...

" මල්ලි, මගෙන් සමාව ගන්නෙ ඇයි.. දැන් ඒව සේරම ඉවරයි.. මන් හිතනවා ඔයත් ඒව අමතක කරයි කියල.."

" මන් ඒව එදාම අමතක කලා අයියේ.. මොනා උනත් මට එදා ඉදන්ම අමතක කරන්න බැරි එකම දේ, ඔයත් මගෙ සහෝදරයෙක් කියන එක.. මටයි කියල මේ ලෝකෙ කවුරු ත් නෑ අයියේ.. අවසානෙදි මට ඉතුරු ඔයා විතරයි ..
අයියේ මාව ඔයාගෙ මල්ලි විදියට පිලිගන්න පුලුවන් ද..?"

With Love Again ( අගි 2 - Complete sinhala BL )Where stories live. Discover now