6.) කොටස 🌻

364 44 12
                                    

මන් දැක්කා,  අයියා මන් දිහා හොරැහින් බලනවා.. මගෙත් ඇස් කොනට
පේනවා ඉතින්.. අනේ මන්ද කවදාවත් නැතුව මොකක්ද මේ අහිම්සක මට වෙලා තියෙන්නේ.. එයා එහෙම බලද්දි
මට ලැජ්ජයි වගේනේ අප්පා.. ඒත් පෙන්නන්න හොද නෑ.. මන් ශටර් එකෙන් එලිය බලාගෙනම ආවා..

ඇයි මෙහෙන් නැවැත්තුවේ..?

අග්‍ර එකපාර වාහනේ පාර අයිනෙන් නැවැත්තුවා.. මේ හරිය පාලු පාටයි.. වාහනත් නෑ.. පාර දෙපැත්තෙම ගස් තියෙන්නේ, කඩයක්වත් පේන්න නෑනෙ ඉතින්, මෙතනින් නැවැත්තුවේ... ආ..... දැන්නෙ තේරෙන්නේ, එයාට පොඩි බරක්වත් එන්න ඇති...

ආ.... හරි හරි ඔයා එහෙනම් ගිහින්
එන්නකෝ, මන් ඇතුලෙ ඉන්නම්..

කොහෙද..

කොහෙද අහන්නෙ මගෙන්, ඔයාට
දැන් චූ බර හින්දනේ වාහනෙ මෙතනින්
නැවැත්තුවෙ... ගිහින් එන්න ඉතින්...

......

මොකෝ හිනාවෙන්නෙ...

......

ලැජ්ජා, වෙන්න එපා අයියෝ.. මන්නේ ඉන්නේ... ඔයා ගිහින් එන්න, මන් හොරෙන් බලන්න එන්නෑ.. බය වෙන්න එපා, යන්න යන්න... කෝ ඉතින්, යන්නැද්ද ඈ... කොල්ලෙක් උනාම ඔය බරවල් හිර කරන් ඉන්න හොද නෑ කියල අපෙ අම්ම කිව්වා... ඔයත් ඉක්මනට අර කැලේ අස්සට ගිහින් ඕක නිදහස් කරන්  එන්න....
ඒ මේ අග්‍ර ඔයා ඉන්නේ මෙතනම
යනක්ක්ක්...ම්ම් .ම්බ්බ්ම්ම්..... මේ.... ම්මොකද.. මගෙ කට වැහුවේ...

කියවිල්ල ඉවරද...

නෑ..... ඇයි අප්පා... මගෙ කියවිල්ල
නවත්තන්න ඔයාට බෑ.......

මන් එහෙනම් නවත්තන්නද...

මේ ... මේ   මොකද...
එහා...ට.......වෙම්ම්ම් බ්බ්ම්ම්ම්..

අග්‍ර මන් කියවන දිහා බලන් ඉදල
එකපාරම මගෙ පැත්තට නැමුනා.. ඒ මූන අමුතු වෙලා, ඇස් අමුතු වෙලා.. දිලිසෙනවා වගේ.. මගෙ මූන ගාවටම නැමිලා එයා මගෙ තොල් වලින් එයාගෙ ඇගිල්ලක් තිබ්බා..

ෂ්.....

අයියේ...

මේ මල දැන් මගෙ නේද...

එයාගෙ හුස්ම මගෙ මූන වදිනවා.. ඒ තරම් එයා මට දැන් ලන් වෙලා ඉන්නෙ.. ඒ එක්කම එයාගෙ ඇස් හරි කලබලයි, මගෙ තොල් දිහා, මගෙ ඇස් දිහා මගෙ මුලු මූනම දිහා කලබලෙන් ඒ ඇස් දුවනවා.. එයාගෙන් කවදාවත් මන් මේ වගේ බැල්මක් දැකල නෑ.. ඒ ඇස් ආසවෙන්, සතුටින් මත් වෙලා වගේ...
ඒ අස්සෙ මගෙ ඇගම සීතල වෙලා, පන නැතුව ගිහින් වගේ.. මොනවද මේ වෙන්නෙ කියල හිතාගන්නවත් බැරි විදියට මාව ගල් ගැහිලා වගෙ...

With Love Again ( අගි 2 - Complete sinhala BL )Opowieści tętniące życiem. Odkryj je teraz