7.) කොටස🌻

331 47 27
                                    

"මයෙ මැණික නැගිටින්නැද්ද..?"

"උදේ වෙලාද අයියේ.."

"ඔව් ඔව් මේ හොදටම උදේ වෙලා.. "

"කෝ අනේ තාම අදුරුයිනේ.."

මන් ඇස් දෙක හිමින් ඇරල වටපිට
බැලුවා.. තාම කලුවරයිනේ..

"අනේ මගෙ මෝඩ පැටියෝ..මේ හවස අනේ, මහ දවල් නේ නිදාගත්තේ, මතක නැද්ද.. දැන් රෑ වේගෙන එන්නේ.. අපි
යන්නැද්ද ආපහු ..ම්ම්...."

"ඈ.... රෑ වෙලා..."

අප්පටසිරි ඔව්නේ..දවල්නේ නිදා ගත්තේ.. ඒකත් අමතක උනා.. කරකවලා අතෑරල වගේ.. අග්‍ර මගෙ නහය මිරිකගෙන කාමරෙන් එලියට ගියා.. මන් නැගිටල කාමරේ ලයිට් එකත් දාල මගෙ ශර්ට් එක හෙව්වා.. ඇද කොනේ අයිනක ඒක, හොදටම පොඩි වෙලා.. මන් කන්නාඩිය ඉස්සරහට ගිහින් මගෙ ඇග දිහා බැලුවා.. මදුරුවො කාල වගේ හැමතැනම රතු වෙලා..බෙල්ල ගාවම
මාර්ක් දෙක තුනක්.. මෙහෙම කොහොමද සමාජෙට මූන දෙන්නේ..
මන් අල්මාරියෙන් හොඩී එකක් අරගෙන ඇගම වැහෙන්න ඇදගත්තා.. අග්‍රත් ඒ එක්කම වගේ ආව...

"මොකෝ මේ ඇගම වහගෙන..
සීතලද.."

"ඔව් ඔව් සීතලයි.. ඔයාගෙ වැඩ හින්ද තමා, ඇගම බතික් කරල වගේ අනේ..
ඒකයි මේක ඇදගත්තේ.."

මන් දැක්කා අග්‍ර රතු වෙනවා වගේ..
මේ මනුස්සයට කරන්න හොදයි, කියද්දි ලැජ්ජයි.. අනේ අම්මපා...

"හරි ඉතින්, ඔයත් මාව සූරල මේ, පිට ගන්න දෙයක් නෑ..."

"ආ....ඒ....එහෙම තමා ඉතින්.. මේ ඒක නෙමේ, දැන් අපි යනවද.."

"ඔව් නේද ශ්වේත, මට යන්න හිතෙන්නෙත් නෑ, ඒත් මෙහෙ ඉදල බෑනෙ, ඔයාට වැඩට යන්නත් ඕනෙ,
මටත් කරන්න වැඩ ගොඩක් තියනවා..
මට ඔයත් එක්ක මෙහෙ ඉන්න ආසයි,
ඒත් දැන් ඒක කරන්න බෑනේ.. "



"ම්ම්.... එහෙනම් යමු.. රෑට කඩේකින් කාලම යමු.. මට හොදටම බඩගිනී අප්පා.."

"මටත් එහෙමයි.. මට නම් බඩගින්නට වඩා තිබහයි වගේ අප්පා.. කුක්- ..
ආ නෑ නැ.... මන් විහිලුවක් කරේ, රවන්නෙ මොකෝ .. මගෙ චූටිට තරහ ගියාද ලැජ්ජා හිතුනද... "


දැන් නම් මන් ලැජ්ජාවටම දිය වෙලා
වැක්කෙරෙයි වගේ.. ආයෙ දෙනවා
මන් කුක්කු නෙමේ... මන් ඔරවලා අහක බලාගත්තා..


With Love Again ( අගි 2 - Complete sinhala BL )Where stories live. Discover now