8.) කොටස 🌻

327 44 6
                                    


සැනසීම.. මේ අකුරු හතර මගෙ ජීවීතෙන් හුගක් ඈත තිබ්බා.. දැන් ඒ දේ මට ටිකෙන් ටික ලන් වෙනවා වගේ දැනෙනවා.. මගෙ හිතට මාර නිදහසක් දැනෙනවා.. මන් තනිවෙලා නෑ කියන හැගීම , මන් වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියක හැගීමෙන් මුලු හිතම පිරිල තියෙන්නේ.. මන් හිතුවෙවත් නැති විදියට සතුට කියන දේ දැන් මට දැනෙනවා.. ඒ එයා නිසා...

වැටෙන තැන් වලදි අත දෙන්න,
අදුරෙන් මාව එලියට ගන්න, මගෙ හිතට නිවීමක්දෙන්න, හදවතට එකගව කතාකරන්න, මටත් කෙනෙක් දැන් ඉන්නවා...
ඉතින් ඒ දේ නෙමේද ආදරේ කියන්නේ..
, මුලු ලෝකෙම තමන්ට විරුද්ද උනත් , ශාප කලත්, වේදනා දුන්නාත් ,තමන් වෙනුවෙන් එක් විශ්වසවන්ත හදවතක් ඉන්නවා කියල දැනෙද්දි දැනෙන හැගීම වචන කරන්න අමාරුයි..

මට දැන් කිසිම දෙයක් ගැන බයක් දැනෙන්නෑ.. මැරෙන්න උනත් හිතේ නිදහසේ පුලුවන් .. ඇත්තටම මේ සේරම එයා නිසා.. මන් වෙනුවෙන් ම ආත්මෙම කැපකරපු එයා නිසා.. මගේ ආත්ම සහාකරයා එයා නිසා.. මගෙ අග්‍ර මේ සේරම එයා නිසා..

ඉර එලිය ඇවිත් කාමරේම පිරෙද්දි, මන් හිමීට ඇස් අරල බලද්දිත් එයා මන් ලග ඉන්නවා.. මාව බදාගෙන , එයාගෙ අත උඩ තියාගෙන, එයා නිදි. හරියට ඉස්සර වගේ.. එයා වෙනස් වෙලා නෑ.. මන් ඒ මූන දිහා විනාඩි කීයක් බලන් හිටියද දන්නෑ...

"මගෙ වස්තු මොකද මේ.."

"අ..අයියේ..."

"මගෙ මූනෙ පෙරහැරක්වත් යනවද.."

"......"

"ඇයි මේ , ඇස් වල කදුලු..."

"මේ වගේ හැමදාම ඔයා මගෙ ලගින්ම ඉන්නවා නේද.. මාව තනිකරන්නෑනෙ..."

" මන් කිව්වනෙ, සංසාරෙ පුරාවට මන් ඉන්නවා.. හැමදාම ඔයා ලගින්ම ඉන්නවා.. "

"මට පොරොන්දු වෙන්න.."

"පොරොන්දු වෙනවා මගෙ රත්තරන් ..
මොකද මේ ඉතින්, ඔහොම ඉද්දි අයියටත් දුකයිනේ.. වැඩට යන්නැද්ද අද.."

"යන්න ඕනෙ... "

"එහෙනම් කෝ ලෑස්ති වෙන්න.. මගෙ පිස්සු කෝලම.."

"ඔයත් එන්න.. "

"මන්.."

"හ්ම්.... එයාල බලන් ඉන්නේ ඔයා දවසක එයි කියල.. දැන් අවුරුදු තුනක් තිස්සේ, ඒ හැමෝම ඔයාව හොයනවා.. එදා නවත්තපු තැන ඉදන්, ආයෙ අපි පටන් ගමුද... අලුත් ආරම්භයක් එක්ක.."

With Love Again ( අගි 2 - Complete sinhala BL )Where stories live. Discover now