Science - A
Mathematics - A
English - A
Sinhala - B

එතනට ආපු ගමන් සාමාන්‍යයෙන් හැමදාම ලකුණු දුන්නු දවසට හම්බවෙන දේ මට හම්බවුනා.

චටාස්

"අශිනී!!තමුසෙට මම අනන්තවත් කීවා පවුලට අවනම්බු කරන්න එපා කියලා!!!බලනවා තමුසේගේ මව් භාෂාව නේද මේ?B එකක්? හහ්? හත් දෙයියනේ අපේ පරම්පරාවේ එකෙක්ටවත් මෙහෙම result තිබිලා නැහැ..."

අම්මා හෙන පතරංගයක් කියෝගෙන ගියත් ඇස් දෙකට කදුලු පුරවාගෙන හිටපු මට ඒ එකක් වත් තේරුනේ නැ. කනේ පාරට වඩා හදවතට ගොඩක් තදට පාරක් වැදුනා..මට result එකට නෙවේ අවුල් ගියේ.අඩුම මම හිතුවා අම්මා මේ දවසේ වත් result එකෙන් සෑහීමකට පත් වෙයි කියලා.සිංහල කියන්නේ ලකුණු අතේ අරන් යන විෂයක් නෙවෙයි නේ රචනාවෙන් විචාර එහෙම බලන ගුරුවරයා මත පව depend වෙන ලකුණෙන් මිස් වෙන විෂයක්. ටිකකට කලින් තිබ්බ happy mood එක එහෙමම කුඩු පට්ටම් වෙලා ගියා.

9දී මම හිටියේ හැම ව්ෂයටම හතළිස් පනස් ගණන් ගන්න ලෙවල් එකේ...ඒ අතින් බලද්දි මේ වෙද්දී මගේ ලොකු improvement එකක් තියෙනවා.අනික් A 8 ම තියෙද්දී මේ තේරුමක් නැති subject එකට තියෙන B එක විතරක් අම්මට පෙනෙද්දී....Bඑකක් කියන්නේ මහා ලොකු අඩු ලකුණක් නෙවෙයි නේ.74ක් වෙන්නත් පුළුවන්...අනික ලකුණු,certificate එකක්,නැත්තං place එකක් හින්දා මෙහෙම කතා මම අහපු ගනින්න බැරි තරම් අවස්ථා ගාන මතක් වෙනකොට..මම එයාලගේ හීන ඉෂ්ට කරන්න එයාලා හදපු එක රූකඩයක් වගේ කියලා මට හිතුනා.හැමදාම වගේ බැනුම් අහලා අහලා මට සාමාන්‍යයෙන් ඕවා ගානක් නැහැ ඒත් මේ වගේ වෙලාවක ත්...අම්මා මාව පරිස්සම් කරනවා..පුළුවන් උපරිම විදියට වගකීම් ටිකත් ඉෂ්ට කරනවා ඒත් කවදාවත් මගේ කෝනෙන් බලන්නේ නෑ.හරි එයා මට ගොඩක් ආදරේ ඇති ඒත්... ඒක පොඩ්ඩක් වත් මට එයාලා මන් ගැන බලන බව,මට ආදරේ බව දැනෙන්න දීලා නැහැ එයාලාව මට ඕනෙම උනු වෙලාවක වත්.මමත් මනුස්සයෙක් සහ හැමදේම එයාලට ඕන විදියටම මට කරන්න බැහැ...අම්මා කියවන ඒව ඇහිලා ද කොහෙද තාත්තා ත් ඇවිල්ල දෙන්නම මට ඇති වෙන්නම බැන්න.

" හරිද අම්මේ?බැනලා ඉවර නම් මම යන්නම්?"

"අශිනි!!අම්මට එකට එක කියවන්නත් යනවාද දැන්?මතක තියාගන්නවා,තමුසේගේ තාත්තා accountant කෙනෙක්!දැන් බලනවා කොහොමද මේ result කියන්නේ වත් කාටවත්?අපිට වඩා පහළ post වල ඉන්න උන්ගේ ළමයිට මීට වඩා හොඳ result තියෙනවා.අද ඉඳන්,ඒ ලේවල් වලට අදාල දේවල් වලට ඇරෙන්න lap එකේ අර tv show මේ drama බෑ. උඹේ ආසාව නිසා art කරන්න දුන්න එකත් හොඳයි කියලා හිතෙනවා දැන් නම්. උබ වගේ ගොනෙක්ට maths bio වගේ කරන්න දුන්න නම් fail වෙලා තමා ගෙදර එන්නේ.ඒ ලෙවෙල් වලටත් මෙහෙම result අරගෙන ආයේ මට තාත්තා කියාගෙන නම් එන්න එපා.එච්චරයි!!"

රිද්මය(GL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ