උඹ,
බුර බුරා ගුගුරා යන ගිනි කන්දක්..
ඔහු,
ශීත සිසිර ගිරි කුලක්..
මම,
ඒ ගින්න නිවන සිසිලත් අහිමි
ඒ හිම කුල දිය කරන උණුසුමත් අහිමි
ඈත පායපු එක ම එක තරුවක්.....
.
.
.
.
.
තාමත් මට මේ වුන හැම දේම හීනයක් වගේ. මේ තරම් කෙටි කාලෙකින් අවුරුදු විස්සක් ම නිස්කලන්ක ව ගෙවුන මගේ ජීවිතේ මෙහෙම කනපිට හැරවෙයි කියලා මං කවමදාවත් හිතුවේ නෑ. ඒත් මේක කියන්න ඕනිමයි.
මේ කතාව ආදරය කරන, කරපු, කරන්න ඉන්න අයට මන් විඳපු ආදරේ මේක කියවද්දි ආයෙමත් පාරක් මා එක්ක ම විඳින්න ලැබෙයි කියල හිතලයි කියන්නෙ. ආදරය කියන්නෙ මේකයි කියල මාත් ඉගෙන ගත්තෙ ඒ හිතුවක්කාරය ඇවිත් මගේ මුළු ලෝකෙම අනික් පැත්ත ගැහුවට පස්සෙ. නෑ. හරියටම කිව්වොත් මන් ගිහින් ඒ හිතුවක්කාරයගේ ලෝකෙ එහෙන් පිටින්ම අනිත් පැත්ත ගැහුවට පස්සේ.
ආදරේ කියන්නේ අල්ලගෙන ළඟ තියාගන්න පුලුවන් දෙයක් නම් අද ලෝකේ ආදරේ නිසා ම තනිවුණ හිත් නොතිබෙන්න තිබ්බා... එක හිතක් වෙනුවෙන් ම තනි වුණ සුන්දර ආදරවන්තයෝ නොඉන්න තිබ්බා... ඒ නිසා මාත් මගේ ආදරේ වෙනුවෙන් මග බලන් ඉන්නවා.. ඒ බලා ඉඳීමත් එක්තරා විදියක විඳවීමක් වගේ ම විඳීමක්...
ඉතින් මේ මගේ කතාව... එන්න මා එක්ක මගේ අතීතයට යන්න... මේක මුලදි හුඟක් පැටලිලි සහිත වෙයි ඔයාලට.. ඒත් මං එකින් එක ඒ හැම දෙයක් ම පැහැදිලි කරන්නම්...
.
.
.
.
.
.
.
මේක මං පළවෙනියට ලංකාවට ආව තැනින් ම පටන් ගන්නම්. මොකද ඊට පස්සේ තමයි මේ හැමදේම සිද්ද වෙන්න පටන් ගත්තේ.
.
.
.
.
මම, යුවේන් ශයේන්ද්‍ර මලලසේකර. හරියටම කිව්වොත් මගේ තාත්තිගේ පුතානේ. ඒ කියන්නේ එස්. ඒ. මලලසේකර කියන S.M. Group of Companies එකේ අයිතිකාරයගේ චූටි පුතා.
චූටි කාලේ ඉඳන් ම හැදුනේ ඔසී වල. මේ ලංකාවට ආපු පළවෙනි පාර. මීට කලිනුත් චුටි කාලේ ආවලු. බට් මතක නෑ ඔය ආවා කියන එක පාරක්වත්. හොට්ට පෙරන් දනගාන කාලේ වෙන ඒවා මොකාට ද ඉතින් එහෙම මතක තියෙන්නේ.
YOU ARE READING
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL
Non-Fictionනුඹ හැඩ කෙරුව හිත ම කැඩුවාට.. මගේ සතුට සොයමි නුඹ ගාව... - අතීතයත් වර්තමානයත් මැද ආදරේ හොයමින් අතරමං වුණ අහිංසක හිතක මතකාවර්ජනයක්...
