Chapter 08

104 17 0
                                    

එයා කියපු අනිත් දේවල් කිසිම දෙයක් මගෙ ඔලුවට ගියෙ නෑ... මට ඇහුනෙ එකම එක දෙයයි... ඒ තමයි " එයා මගෙ පණනේ..." කියන එක... කව්ද මේ එයා... එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද... ඒත් කොහොමද...

❤️ එයා ඇත්තටම ඔයාගෙ පණද යාෂ්...

💚 රූ ඇයි මේ... මං කිව්වා ඔයා කලබල වෙනවා කියලා... ඕකනේ මං කිව්වෙ වෙලාව එනකන් ඉන්න කියලා...

එයා කිව්වෙ මගෙ ඔලුව අතගාන ගමන්...

❤️ කියනවා යාෂ් ඔය කියන එයා ඔයාගෙ පන නම් මං කව්ද...

💚 රූ.....

❤️ රූ තමයි කියනවා යාෂ් කව්ද ඒ...

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

💚 මං කිව්වනේ රූ ඔයාට වෙලාව ආවාම එයා කව්ද කියලා කියන්නම් කියලා... ඒ කවුරු උනත් ඔයා ගැන මගෙ හිතේ දැන් තියෙන තැන ගන්න එයා හිටියත් එයාට බෑ... මොකද ඔයයි එයයි කියන්නෙ දෙන්නෙක්... ඒ හින්දා කලබල නොවී ඉන්නවා...

❤️ ඒත් එයා ඔයාගෙ පණලුනේ... එතකොට මං කව්ද ඔයාගෙ... එයා ඔයාගෙ පණ නම් මං පිට එකෙක් වෙන්න ඇති නේද... ඒකනේ ඔයා ගොඩක් දේවල් හංගන්නෙ...

💚 ඔව් ඔව් තමුසෙ පිට එකෙක්... ඒකනේ මං මෙච්චර නැහීගෙන තමුන්ව ආරක්ෂා කරන්න හදන්නෙ... එකක් මතක තියාගන්නවා රූ... පව්නේ කියලා පොඩ්ඩක් හොදින් කතා කරාම කරේ නගින්න එන්න එපා... එයා මගෙ පණ තමයි... එයා මගෙ හැමදේම... මට වෙන කාටත් වඩා එයාව වටිනවා... ඉතින් එයාව මරපු අයගෙන් පලිගන්න තමයි මං මෙහෙට ආවේ... මගෙ දේවල් වලට ඇගිලි ගහන ඕනෙ එකෙක්ව මගෙ පාරෙන් අයින් කරලා දාන්න මං දෙපාරක් හිතන්නෙ නෑ... ඒ කවුරු උනත්... ඒ මගෙ අම්මා අප්පච්චි උනත් මට වැඩක් නෑ... අද වෙච්ච දේවල් අමතක කරලා දානවා... මං තමුන්ට අනුකම්පා කරලා උදව් කරා විතරයි... තමුන් හොදටම සනීප උන ගමන් ආපහු තමුසෙගෙ හොස්ටල් එකටම යවන්නම්... එතකන් මෙතනට වෙලා සද්ද නොකර මං කියන දේ අහගෙන ඉන්නවා...

එයා කියාගෙන ගියෙ ගොඩක් තරහෙන්... මං මොකුත්ම නොකියා අනිත් පැත්ත හැරිලා නිදාගත්‍තා... විශාල් අයියා ඇවිල්ලා කෑම ගෙනත් දීලා ගියත් මං කන්නවත් ආයෙ නැගිට්ටෙ නෑ එයා කතා කරාටවත්... ඒ වෙද්දි මට හෙලවෙන්න පුළුවන් කම තිබ්බ හින්දා හොදට ගියා... ඒත් ඇයි යාෂ් එක පාරටම නපුරු උනේ... කව්ද ඔය කියන එයා... එයා ගැන අහපු හින්දද එයාට තරහ ගියෙ... ඔය කියන එයා කව්ද කියලා මං කොහොමහරි හොයාගන්නම්කෝ... කවුරු උනත් මෙහෙ හිටපු කෙල්ලෙක්නේ... ඒ ගැන හිත හිත ඉද්දිම මට නින්ද ගියා....

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Where stories live. Discover now