Chapter 03

131 23 5
                                    

💚 දිල්රූ දිල්රූ මේ අහනවා...

❤️කව්ද දැන් දිල්රූ ඒ හොල්මනද...

💚 යකෝ තොගෙ නම දිල්රූ නෙමේද...

❤️ හුටා සොරි අයියේ... අමතක උනා අප්පා ඉතින්... ඔයාලා මේ මාව හොල්මන් කරවලා මට නමත් අමතක උනා... හුම්ම්ම්ම්...

💚 දිල්රූ අහගන්නවා හොදට...  අපේ බැච් එකේ කවුරුත් මැරුනෙ නෑ... ඒත් මැරෙන්නම ගියා... කොහොමහරි අපි එයාව බේරගත්තා... ෂෙහානි එයා අදටත් අපිත් එක්ක ඉන්නවා කියන එකෙන් අදහස් කරේ එයා මැරිලා නෑ කියන එක මිසක් එයා හොල්මනක් වෙලා කියන එක නෙමේ... ඒ හින්දා මෙහෙ හොල්මන් නෑ හරිද...

❤️ අම්මොහ් ඇති යාන්තන්... නිවන් ගියා වගේ ඒක ඇහුවම.... ඕනෙ එකක් කරන්නම් අයියේ ඒත් හොල්මන් එක්ක නම් ගනුදෙනු බෑ හොදේ... ඔන්න මං කලින්ම කිව්වා ඈහ්හ්....

හරි හරි... බන් හොල්මන් නෑ මෙහෙ... උඹ තමා මට පේන විදිහට මෙහෙට දැන් ඉන්න ලොකුම හොල්මන... මේ යන විදිහට ලගදීම අපේ එකාටත් නූලක් එහෙම දාන්න වෙයි වගේ... විශාල් අයියා එහෙම කියද්දි අර නපුරු ඇස් තියෙන වීහුවා ඌට රැව්වා ඉතින් ආයෙ හොදම එකෙන්....

❤️ ඒත් ඉතින් ඔයාලගෙ කෙනා බේරුනේ කොහොමද... ඒ කෙනා කව්ද...

💚 විශාල්....

❤️ ඔව් විශාල් අයියේ සද්ද නොකර ඉන්නෙ නැතුව කියන්නකො අප්පා ඒ කව්ද... ඔයාවත් කියන්නකො වීහු අයියේ විශාල් විශාල් කියන්නෙ නැතුව...

💚 ඇයි බන් මේ පොඩි උන් මෙහෙම... මට මුන්ව පේන්න බැරි ඕකනේ... දෙයක් කිව්වම තේරුම් ගන්න තරම් මොලයක් නෑනේ මුන්ට...

අපේ බැච් එකේ බේරුන කෙනා තමයි මල්ලි විශාල් කියන්නෙ... ෂෙහානි අක්කා කියද්දි මායි සහේෂායි දෙන්නම ඉදන් හිටපු තැන්වලින් නැගිට්ටුනේ ඉබේටමයි...

❤️ ඉතින් ඔයා දැක්කෙ නැද්ද අයියේ එහෙම කරන්නෙ කව්ද කියලා...

අන්න ඒකනේ මල්ලි තියෙන ප්‍රශ්නේ... එයාලා කව්ද මාව අරන් ගියෙ කොහෙටද ඒ කිසිම දෙයක් මං තියා කවුරුත් දන්නෙ නෑ...

💚 ඔයාලව බය කරන්න නෙමේ අපි මෙහෙම කියන්නෙ... ඒත් ඔයාලත් මෙවා දැනගන්න ඕනේ... කොල්ලෙක් උනත් විශාල්ට ඒ සිද්ධිය ගොඩාක් බලපෑවා... එයාව හොද කරගන්න අපි ඔක්කොම මාර කට්ටක් කෑවා... මාස තුනක් විතර ගියා ඒ සිද්ධියෙන් පස්සෙ විශාල්ට රිකවර් වෙන්න... උන් කවුරු උනත් ඒ අරන් යන කෙනාව ගොඩක් මානසිකව වට්ටනවා... ශාරීරිකව ගොඩක් තුවාල කරනවා..  අන්තිමට ඒවා දරාගන්න බැරි උනාම ඒ කෙනාම සුසයිඩ් කර ගන්න තැනට පත් වෙනකම්ම උන් එයාව නොමරා මරනවා...

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Where stories live. Discover now