Chapter 02

141 18 6
                                    

💚 ඇයි අයියේ තමයි... සීනියර්ස්ලාට විෂ් කරන්න කියලා උඹලාට කියලා දුන්නා නේද අපේ උන් දැන් ටිකකට කලින්... කෝ දැන් යන්න කලින් විෂ් කරාද...

❤️ ස් ... ස්... ස්...

💚 මොකෝ ස්.. ස්... ගාන්නෙ...

❤️ සොරි අයියේ... ගුඩ් නයිට්...
මං කිව්වෙ බිම බලාගෙනමයි...

💚 ගුඩ් නයිට්... ගුඩ් නයිට්... දැන් ගිහිල්ලා හොදට නිදාගන්නවා... ආයෙ එහෙම මේ වගේ වැරදි වෙන්න බෑ... තමුන්ගෙ බැච් එකේ අනිත් උන්ටත් මේවා කියලා දෙනවා කෙල්ලොන්ටත් එක්කම... එකෙක් හරි මොකක් හරි වැරැද්දක් කරොත් මං අල්ලගන්නෙ තමුන්ව... තේරුනා නේද...

❤️ ඔව් අයියේ ත්... තේරුනා...

💚 ඔන්න ඔහොම කීකරුව ඉන්නවනම් ඉතින් අපෙන් ප්‍රශ්නයක් නෑනේ බන්... එහෙම කියලා එයා මගෙ කොන්ඩෙ අවුල් කරා...

ඒත් එක්කම අනිත් අයියා එයාට කතා කරා... " ඒ බං වීහුවා කවුරුහරි මේ පැත්තට එනවා... ඔය පොඩි එකාව් යවලා ඉක්මනට මෙහෙ වරෙන්... අහු උනොත් ඔක්කොම ඉවරයි..."

💚 දැන් යන්න ඉක්මනට... ඇතුලට ගිහින් දොර වහගන්න...

එහෙම කියලා එයා යාලුවාත් එක්කම ඉක්ම්නට යන්න ගියා...

මාත් ඇතුලට ඇවිත් දොර වැහුවෙ අනිත් උන් මාව වට කර ගද්දිමයි...

ඉදුවා මොකෝ බන් උනේ...
අරූ මොනවද කිව්වෙ උඹව තනියම තියාගෙන...
එහෙම ලොකු අවුලක් නෑ බන්... මගෙ ලොකුකම වැඩීලු... ඒක අඩු කරගන්නලු... සීනියර්ස්ලාට ගරු කරන්න පුරුදු වෙන්නලු... ඔන්න ඔය වගේ හැමදාම කියන ටික කිව්වෙ බන්... කෙල්ලොන්වත් හදලා ගන්නලු... නැත්නම් අපිටලු දඩුවම් දෙන්නෙ... මං එයා කිව්ව විදිහටම කිව්වා... එයා මගෙන් අනිත් අහපු ප්‍රශ්න ගැන මෙයාලට කියන්න ඕනෙ නෑ කියලා හිතුනා...

ඒත් එකෙක්ට නම් තේරුනා මෙතන මං කිව්වට වඩා දෙයක් තියෙනවා කියලා... නොතේරුනොත් තමයි පුදුමෙ... මගෙ පොඩි කාලෙ ඉදන් අතිජාත මිත්‍රයා... රෙහාන්... කැම්පස් යන්න පුළුවන් කම තිබිලත් මට යන්න බැරි උන හින්දා කැම්පස් නොගිහින් මාත් එක්කම මං කරන ඕනෙ ගොං වැඩකට එකෙන්ම සපෝර්ට් එක දිදී ඉදලා මං හින්දම මාත් එක්කම ට්‍රේනින්ග් කොලේජ් ආපු එකා උනු ඌට මං හැරුනත් තේරෙනවා... ඒතරම් ගැඹුරුයි අපි දෙන්නගෙ යාලුකම... මෙහෙ මොකෙක්වත් දන්නෙ නෑ අපි දෙන්නා පොඩි කාලෙ ඉදන් යාලුවො කියල... උන් ඇහුවෙත් නෑ අපි කියන්න ගියෙත් නෑ... මෙහෙදි සෙට් උනා වගේ නෝමල් එකේ අපි දෙන්නත් කතා බහ කරන් ඉන්නවා...

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Where stories live. Discover now