උරැමක්කාරයා - 19

982 116 0
                                    


         හැමදාම වගේ රන්වීර් ෂොප් එක ලගින් සමු ගත්ත .ඔහු රොහාන්ගෙන් අස්වීම ඉල්ලුවත් රොහාන් ඔහුට යන්න එපා කියල පඩියත් දහදාහකින් වැඩි කරා.ඒ රන්වීර් හොදට වැඩ කරන නිසාත් , විශ්වාසය දිනාගෙන ඉන්න නිසාත්.වගීශත් රන්වීර්ට එන්න කියල බල නොකලෙ කොහොමත් ඔහු ලග ඉන්න නිසාත්, එකම තැන වැඩ කරද්දී මිනිස්සු සැක කලොත් ඒක වගීශට හොද නෑ කියල රන්වීර් තරයේ කියන නිසාත්.

       "ඒ කොහොමද බං වගීශය? ඌ අවුලක් නැද්ද ?"

   සුපුන් කෑම එක ලෙහන ගමන් ඇහුව.

      "අවුලක් නෑ බං."

   රන්වීර් පැණි හිනාවක් දාන ගමන් කිව්ව.

     "අහ් මට ඒ හිනාව ඇල්ලුවෙ නෑ කොල්ලො...කියපං මොකක්හරි තියනව?"

    "මොකුත් නෑ බං."

     "  ඉස්සර ඉදන් උබේ හිත කියවන්න පුලුවන් මට කොහොමද බං උබ බොරැ කියන්නෙ ?"

       "කිව්වොත් ඉතිං උඹ දාර්ශනික ටෝකක් දෙයි.මං දන්නවනෙ උඹේ හැටි"

      "ඒ කියන්නෙ උඹ ඌ එක්ක පැටලි ල ඉවරයි? ආහ් මට දැන්නෙ තේරෙන්නෙ ඉස්සරට වඩා හිනාවෙලා දැන් ඉන්නෙ ඇයි කියල."

      "හරි ඉතිං උඹ ඒකෙ වැ‍රැද්දක් දකින්නෙ නෑනෙ?"
රන්වීර් ඔහු දිහා බලල ඇහුව.

        "ආදරේ කරන එක වරදක් නෙමේ බං . ඒ වුණාට සමාජයත් එක්ක ඉහ ගහල ඉන්නෙ කොහොමද ඔය වගේ ආදරයක්?"

     " හ්ම්ම්...අපි නොදන්නව වුණාට මේ රටෙත් මෙහෙම ආදරේ කරන අය ඕන තරම් හැංගිලා ඇති."
       රන්වීර් සුසුමක් හෙලුව.

        "ඔව් බං, හැංගිලා ඉන්නකම් හොදයි. ඒත් කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනව වාගේ නෙමේ කොල්ලෙකුට ආදරේ කරන එක. එලි වුණොත් "කොලුකාරය" කිය කිය බනින එවුන්ම තමා හැංගි හැංගි පස්සෙන්  එන්නෙ  සෙස් කරමුද කිය කියා.අනික ඔය ආදර කතා වලට දීර්ඝායුෂ නෑ ගොඩක් ඒවට."

      "උඹ කියන්නෙ දැන් අවංකව ආදරේ කරන උන් නෑ කියලද?"

       "නෑ .බං ඕන තරම් ඉන්නව. ඒත් සමාජයට හොරෙන්.මං කියන්නෙ වගීශය හෙන ප්‍රසිද්ධ එකෙක්. උඹට හිතෙන්නෙ නැද්ද ඌ උබ ව පාවිච්චි කරල පස්සෙ කසාදයක් කර ගනී කියල ?.මොකද ඌ කොල්ලෙකුට ආදරේ කරනව කියන එක ප්‍රසිද්ධ වුණොත් උගෙ බිස්නස් වලටත් ඒක බලපාන්නෙ?"

උරැමක්කාරයාWhere stories live. Discover now