උරැමක්කාරයා - 16

1K 147 0
                                    

රන්වීර් සීතලේ එලියෙ ඉදල කාමරේට එද්දි හිමාල් හිටියෙ නෑ.රෑ එක පහු වෙලා තිබ්බ හින්ද ඉක්මනට කෑම එක අරගෙන හොරාට අදුරැ කුටියට ගියා. 

          ඔහු දොර ඇරගෙන යද්දිම වගීෂ හිටියෙ දම්වැලත් උපරිම දුරට ඇදගෙන හිටගෙන.ඔහු දොර ලගට එන්න උත්සාහ කරල තිබ්බත් දම්වැල දිග මදි නිසා එතනම ඉදන් දොර දිහා බලන් හිටියෙ ගොඩක් උනන්දුවෙන්. රන්වීර්ට ඒ අහිංසක ඇස් දිහා බලද්දි පපුව ගැලවෙන තරම් වේදනාවක් ආවෙ වෙනද කවදාවත්ම නැතුව ඔහු අද පරක්කු වුණ හින්ද මග බලාගෙන ඉන්නව දකිද්දි.ඔහු ගිය ගමන් වගීශව බදාගත්ත.

       "මොකක් හරි වුණාද?"
        වගීශ ඇහුවෙ හරියට දිවැස් තියනව වගේ.

        "එන්න කමු."
         රන්වීර් ඔහුව අතින් අල්ලල ඉන්දෙව්වෙ කෑම එක කවන්න.ඔහුත් මොකුත් නොකියාම කන්න ගත්ත.

         "මට අද නෑදෑ කවුරැහරි ගැන විස්තරයක් කියන්න පුලුවන්ද? උබ  හිතනව වගේ තව හිත හිත ඉන්න කාලයක් නෑ බං."
     රන්වීර් කිව්වෙ දුක්මුසු ස්වරයකින් .

       වගීශ වතුර එක බීල කෝප්පෙ බිමින් තිබ්බ.ලොකු හුස්මක් ඉහලට අරන් පහලට දැම්මෙ දිග කතාවක් පටන් ගන්න වගේ.
        "අපේ තාත්තට ඉන්නෙ එක මල්ලි කෙනෙක්. මං අම්මව දැකල නෑ. තාත්ත කුඩම්මා ගෙනාවෙ මට අවුරැදු දහයක් වෙද්දි. ඒ වෙනකම් තාත්ත මාව තනියම හදා ගත්ත."
         ඔහුගෙ ඇස්වල කඳුලු ඝණ අන්ධකාරයට රන්වීර්ටපෙනුණනෑ.ඒත් ඒ ස්වරය දුක්මුසුයි කියල  ඔහුට තේරැණා.

       "කුඩම්මා එක්ක මල්ලිත් ආව. එයා මට වඩා අවුරැදු දෙකක් බාලයි."

      "ඒ කියන්නෙ උබ මගෙ වයසෙ? "

      "මට විසි පහයි.මල්ලිට 23යි. අපි දෙන්න පොඩි කාලෙ එකට හිටියට කුඩම්ම ට මාව පෙනුණෙ හැමදාම හතුරෙක් වගේ.ඒ කාලෙ ඉදලම ...."

     ඔහුට ඉකි ගැහුණත් රන්වීර් ඔහුව නැවැත්තුවෙ නෑ

         "මං ගොඩක් දුක් වින්ද."
            රන්වීර් ඔහුගෙ අත තද කරල අල්ලගත්තෙ ඔහු තනි වෙලා නෑ කියල පෙන්නන්න.

         "කුඩම්ම කියන හැමදේම තාත්ත විශ්වාස කරා. තාත්ත කම්පැණි එක තනියම දියුණු කර ගත්ත එකක්.කුඩම්ම හැමදාම මට කිව්වෙ මං වගේ කා# කණ්ණියෙක්ට බිස්නස් කරන්න බෑ කියල.ඒත් මං කුඩම්ම කියන කිසි දෙයක් තාත්තට කියල නෑ. තාත්තට ඕන වුණේ මං science කරන්න ඒත් මං ආස වුණේ commerce  කරන්න. ඒ හින්ද මං හිතුවක්කාර කමට  commerce කරා කියල තාත්ත මගෙන් හොදටම ඈත් වුණා. මල්ලි ආර්ට්ස් කරා.මං කැම්පස් තේරිලා අවුරුදු තුනෙන් ඩිග්රි එක අරන් special නොකරම ආව. ඒත් තාත්තගෙ හිතේ මං ගැන හැගීමක් තිබ්බෙ නෑ.

උරැමක්කාරයාWhere stories live. Discover now