ජින් ඒ..

  එ..ඒක මෙහෙමයි වුණේ.. ම්..මං මේ.. මං බෝලේ ... ජින් ඒ කියන්න දගල දගල ඉන්න අතරේ එක පාරට ම බෙල් එක වැදුන නිසා මං වැරදිකරුව පුටුවෙ තියල ම ගිහි දොර ඇරියා..

වාහන තුන හතරක් ම ගේ ඉස්සරහා නතර කරලා තියෙද්දි මගෙ හිතට ලොකු බයක් දැනුනා...

  කවුද ඔයාලා..

  මිස්ටර් ජියොන් ජන්ග්කුක් ..

ඔව් මං තමයි..

අන්‍යොන් .. මම නීතිඥ කිම් හා යුන්...

ඔව්.. ඇයි මෙහෙ..

ඔයාගෙ දුව නේද ජියොන් ජින් ඒ කියන්නේ..

ඔව් මොකද්ද වෙන්න ඔනි.. මං කියද්දි ජින් ඒ ඇවිත් මගෙ පිටි පස්සෙන් ශර්ට් එක අල්ලගෙන එබිලා බැලුවා..

  අපිට එයාව අරන් යන්න වෙනවා.. 

මොකද්ද.. කොහෙද.. මගෙ දුව අරන් යන්න ඔයාලා කවුද..

ජියොන් ජන්ග්කුක් ගෙ දුව නෙවෙයි නේ ජින් ඒ කියන්නේ..

අප්පා..

කවුද කියන්නේ.. මේ මගෙ දරුවා තමා...

සමාවෙන්න .. ඒත් අපිට ඉක්මනට ජින් ඒ ව එක්කගෙන යන්න වෙනවා..

කොහෙ යන්න ද.. තමුසෙලට පිස්සු ද..

ඔයාට නිත්‍යානුකූල බැදිමක් තිබුනත් ඒ සේරගෙන් ම ඔයාව නිදහස් කරා.. මේ තියෙන්නෙ ඒ ලියකියවිලි.. මිස් ජින් ඒ ඔයා දැන් අපි එක්ක යමු..

ම්..මොනා ද ඔයාලා කියන්නෙ.. අප්පා..

විකාර කියවන්නෙ නැතුව යනවා යන්න මගෙ ගෙදරින්...

  ජින් ඒ ගෙ ඔම්මා තමයි අපිට එයාව අරගෙන එන්න කිව්වෙ.. ඔයාට එයාව තියා ගන්න අයිතියක් නෑ.. එහෙම වුනොත් ඔයාව අපිට හිරේ දාන්න වෙනවා.. කරුණාකරලා අපිට උදව් කරනව ද.. මිස් ජින් ඒ අපි එක්ක යමු..

ඒක වෙන්නෙ කොහොමද ... නෑ මං ගෙනියන්න දෙන්නෙ නෑ..

අපිට එයාව අරන් යන්න වෙනවා මිස්ටර් ජන්ග්..

ඔයාලා කොහොමද මගෙ දරුවා ව මගෙන් අර ගන්නේ.. ඒක වෙන්න දෙන්නෙ නෑ මං..

සර් නීත්‍යානුකූලව මෙ දරුවා සර්ට අයිති නෑ.. ඒ නිසා අපිට අරන් යන්න වෙනවා.. සමාවෙන්න...

නෑ.. ඒක වෙන්න දෙන්නෙ නෑ..

අ..අප්පා...

ජින් ඒ..

අ..අප්පා.. මට යන්න බෑ..

මිස් කරුණාකරලා අපි එක්ක යමු ද..මිස් ගෙ ඔම්මා බලන් ඉන්නවා මිස් එනකම්..

ම්..මගෙ ඔම්මා.. නෑ මට ඉන්නෙ අප්පා විතරයි.. ශිරෝ...

  මිස් සමාවෙන්න.. ඒත් අපි එක්ක යමු... නැත්තම් මිස්ටර් ජන්ග් ට ගොඩක් කරදර විදින්න වෙයි..

අ..අප්පා... ජින් ඒ මගෙ  දිහා බලාගෙන කියද්දි මං ජින් ඒ ගෙ අතින් තද කරලා අල්ලගෙන..

  ජින් ඒ අප්පා ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ අරස්සෝ..

  ඒත් අප්පට කරදරයක් වුනොත්..

  එහෙම වෙන්නෙ නෑ ජින් ඒ..

  සර්.. අපි දැන් යන්න ඔනි.. කියපු ඒ මනුස්සයා එතන ඉදපු ගාර්ඩ් ට ජින් ඒ ව වාහනේට දා ගන්න කිව්වෙ අනිත් කට්ටිය ම ඇවිත් මගෙ ළඟින් ජින් ඒ ව ඇදලා අරගෙන යද්දි මං ඒ තුන් හතර දෙනාට ගැහුවත් ඒ මිනිස්සු ළඟ වයසක මට වඩා ශක්තිය තිබුණා..

  ජින් ඒ ව අරගෙන යද්දි මට කිසි දෙයක් කර ගන්න බැරි වුණා.. මං කෑ ගැහුවත් කවුරුත් ඉදියේ නෑ මගෙන් ඇයි කියලා අහන්න.. ජින් ඒ ව මට ගෙනත් දෙන්න.. එක පාරට ම අදුරු වුණ පරිසරය ම වැස්සෙන් තෙමිලා ගියේ මා එක්ක ම එයාලත් අඩනවා වගේ..

  මට කරන්න කිසි දෙයක් හිතා ගන්න බැරි වෙනකොට ණය කාරයා ඇවිත් ගෙදර යතුර අරන් මොනා හරි කියලා ගියත් මං ඉබා ගාතේ ඇවිදගෙන ගියේ මට කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා තෙරෙනකොට..

  මට හැමදේම නැති කරලා.. මගෙ ළගට සුරංගනාවියක් දීලා එක පාරට ම මගෙන් අරන් යන්න තරම් මං එයාගෙ ඔම්මට මොනා ද කරේ.. කවුරුත් නැති මට මගෙ ජීන් ඒ වත් නැති වුණා ම මං මොකද කරන්නේ.. ජින් ඒ ව කොහෙට ද අරගෙන ගියේ.. මගෙ ජිවිතේ ම මට විහිලුවක් කියලා දැනෙද්දි මගෙ ඉස්සරහට ආව කාර් එකෙ මාව වැදුනා කියලා විතරක් මට තේරුණා..

  මේක ද මගෙ ජිවිතේ.. ඔම්මා නැතුව ඉපදිලා.. ටික කාලෙකින් අප්පත් දාලා ගියාට පස්සෙ මට හම්බුණ මගෙ ලොකේ වීරයා හ්‍යුන් පෙන්නපු ගමන ගියත් හ්‍යුනුත් මාව තනි කරල යද්දි .. ලෝකෙ ම ආදරෙත් නැති වෙද්දි තිබුණ එක ම සතුට මගෙ ආදරේ.. මගෙ ජිවිතේ මගෙන් හොරකම් කරගෙන යද්දි මං තවත් ජිවත් වෙලා වැඩක් තියෙවි ද.. මේක ද මගෙ ජිවිතේ.. මේක මගෙ ජිවිතේ තේරුම.. ලස්සන ඇරඹුමක් නැති ජිවිත කතාවේ අවසානයත් දුකක් ම විතර ද.. ?

She Is My Treasure ( Complete )Where stories live. Discover now