ඔලුව ඇතුළේ මොලේකුත් තියෙ වගෙ අප්පා..හිනා වෙවි කිව්වා..
 
  ජින් ඒ ට නින්ද යනකම් ම මං ඔලුව හෙමින් සැරේ පරිස්සමින් අත ගෑවා..

  දැන් කාලෙ ගොඩක් ගෙවිලා ගිහින්.. ඒරා ඔයා වෙනස් වෙලා ඇති.. ඔයා මැරි කරා ද... දැන් බබෙකුත් ඇති.. ඔයාගෙ බිස්නස් වැඩ එක්ක අපි ව අමතක වෙලා ඇති නේද.. ඒත් පරිස්සමින් ඉන්න.. මගෙ යාලුවා විදිහට මගෙ හදවතේ ඔයා හැමදාම ඉන්නවා.. අවුරුදු පහළොවක් ගෙවිලා ගිය ඉක්මන.. දැන් ඉන්න කවුරුත් ජියොන් ජන්ග්කුක් ව දන්නෙවත් නෑ..

  සොලො සින්ගර් ජියොන් ජන්ග්කුක් .. ලොකෙන් ම නැති වෙලා ගිහින්.. ඒත් ජින් ඒ ගෙ ලොකේ වීරයා වෙලා.. මට ඒ ඇති.. තාමත් මං ඒ ගැන පසු තැවෙන්නෙ නෑ.. මං දන්නවා මේක තමයි හොද ම තේරීම.. හ්‍යුන් ඔයා ඉදිය නම් එහෙම කියනවා නේද.. ඔයා හොදින් ද හ්‍යුන්.. ඉන්න තැනක පරිස්සමින් ඉන්නව ද..

  ජින් ඒ ව ගෙදර ගෙනාවට පස්සෙ එයාව පරිස්සම් කරන්න කිව්ව නිසා ආයෙ ම එයා චූටි කාලෙ වගෙ මට එයාව බලා ගන්න පුලුවන් වුණා..අතින් අල්ලගෙන ඇවිද්දවන කාලෙ වගෙ එයාගෙ අතින් අල්ලගෙන හෙමින් හෙමින් ඇවිද්දා.. හවස් වරුවට සෙල්ලම් පිට්ටනිය පැත්තට ගිහින් එයා එක්ක කතා කර කර ඉදියා..

හ්‍යුන් එයා මගෙ වුණාට හ්‍යුන්ගෙන් මොලෙ හොරකම් කරන් ඇවිත් වගෙ.. එයාගෙ ඔම්මා වගෙ පණ්ඩිතයි ටිකක්.. මං කිව්වෙ ඒරා... වගෙ.. ජින් ඒ ආයෙ ම ඉස්කොලෙ යන්න පටන් ගත්ත ම දවල් ට ඇවිත් මගෙන් ණය ඉල්ලලා කරදර වෙන්න පටන් ගත්තා..

  ජින් ඒ ගෙ බෙහෙත් වලට මං ළඟ සල්ලි තිබුණේ නැති නිසා අපි දෙන්නගෙ ගෙදර ඔප්පුව තියලා සල්ලි ගත්තත් වියදම් එක්ක ඒක ගෙවන එක අමාරු වුණා.. ඒත් මං කවදාවත් එක්ක ජින් ඒ ට දැන ගන්න දුන්නෙ නෑ..

ජින් ඒ ඉගෙන ගන්න ගොඩක් දක්ෂ නිසා එයාගෙ සල්ලි මං පරිස්සමින් අරන් තිබ්බා.. ඒත් වසන්තෙකට පස්සෙ කුණාටු හමන සීත කාලේ මගෙ ජිවිතේට ආවේ මට හැම දේම නැති කරලා දාලා..

  අප්පා...

ඕ....

හෙට ඉස්කොලෙට එන්න කිව්වා..

මොකද්ද මේ පාර කරේ..

ම්..මං මොකුත් කරේ නෑ..

She Is My Treasure ( Complete )Where stories live. Discover now