꧁☆❄️•◉✿ 09 ✿◉•❄️☆꧂

348 44 11
                                    

මං ටිකක් වෙලා පුටුවෙම ඈනුම් ඇර ඇර ඉදන් ඉදල වෙලාව බැලුව.. සාලෙ ඔරලෝසුවත් නෑ. මේ මනුස්සය ඔරලෝසු සේරම කාලද මන්ද.. මම tv එක දැම්ම.. අහ් ඒකෙ වෙලාව තියේ.. දැන් රෑ 8.45 යි.. අපි රෑට කාලත් නෑනෙ.. හ්‍යුන්ග් කීයට හරි එනකන් මාත් ඉන්නව කෑම order නොකර. Tv එකේ බලන්න දේකුත් නෑ..

" අද සවස පුද්ගලික රසායනාගාරයක සිදුවූ අනතුරක් සිදුව තිබෙනව.. මේ අනතුරින්...."

ඉදිරි දින කීපයේ කාළගුණය අධික ශීතල තත්වයෙන් බැහැරව සාමාන්‍ය තත්වයට පත් වන බව...

අද රාත්‍රියේ හන් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් හතර...

හෝ ගාල චැනල් මාරු කළත් හැම එකේම news.. මට හිතා ගන්න බෑ මෙච්චර කල් මම මගෙ ගෙදර තනියෙන් හිටියෙ කොහොමද කියල.. මම එයාට call කළා.. ඒත් ring උනා ඉස්සුවෙ නෑ.. ආයෙ දෙපාරක් ගත්ත.. Answer කළේ නෑ.. ආවදෙන්කො ගෙදර.. හ්‍යුන්ග් නැතුව පැයක් දෙකක්වත් ඉන්න හරි අමාරුයිනෙ.. එයා හිටිය නම් කකුල් දෙකත් ඔඩොක්කුවෙන් තියන් මාව තුරුළ් කරන් ඉන්නව.. ඒ අස්සෙ මට එකපාරටම නිකන් පපුව රිදෙනව වගේ එකක් දැනුන.. මම ඉක්මනට මේසෙ උඩ තිබ්බ වතුර එක බීගෙන ගියා.. සීතල හින්ද වෙන්න ඇති.. ඒ අමාරුව පොඩ්ඩකින් අඩු උනා.. පස්සෙ ටිකකින් මම හෙමින් ගිහින් පොරෝනාවයි කොට්ටෙයි අරන් සාලෙට ඇවිත් සෝපාවෙ දාගෙන ඔහේ tv බල බල හිටිය..

" Taehyung.. kim taehyung.. ම්..මේ නැගිටින්නකෝ.. " පුරුදු නැති කටහඬක් මගෙ මුළු නමම කියල මාව ඇහැරවද්දි මම හෙමින් ඇස් ඇරිය.. හ්‍යුන්ග් ට වඩා ටිකක් මිටි සුදුමැලි වෙච්ච මූණකුයි උල් තොල් දෙකකුයි, මළානික බැල්මක් එක්ක මනුස්සයෙක්. මේ මොකාද.. කොහොමද apartment එක ඇතුළට ආවෙ.. මම බයවෙච්ච පාර ළග හිටන් හිටපු ඒ මනුස්සයට පයින් එකක් ගැහුව..

" ආය්..ශ්.. taehyung.. මම ජිමින්.. පාර්ක් ජිමින්.. ඔයාට ජන්ග්කුක් කියලත් ඇති මං ගැන.. අහන්නකෝ.. අපි දැන් තැනකට යන්න ඕනෙ.. පොඩ්ඩක් ඇදුමක් දාගෙන එන්නකො.." ඒ මනුස්සය මම පයින් ගහපු කකුලෙ කලව අල්ලන් සැටියෙම ඉදගත්ත..

එයා ඉක්මනට සාක්කුව ඇදල ID එකත් මට පෙන්නන ගමන් කිව්ව.. මම කිව්වෙ අන්න ඒකයි.. හ්‍යුන්ග් වගේම තමා හ්‍යුන්ගෙ යාලුවොත්.. පොලිසියෙන් වගේ හැසිරෙන්නෙ.. මේ ඉන්නෙ එතකොට අර කාර් එකේ බිත්තර ගාපු හ්‍යුන්ගෙ යාලුව..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ ✅Completed ✅ Taekookff Donde viven las historias. Descúbrelo ahora