• Chapter 9 •

45 9 7
                                    


(Next day morning)

~Soushi P.O.V~

අද උදෙන්ම නැගිට්ටේ අද අපේ කුස්සි දවස හින්දා. ඔලුව කැක්කුමයි..... ඔව් ඉතින් නැතුව තියෙයි යෑ බීපු බීමට... මං yonha වත් ඇහැරවලා දෙන්නත් එක්කම ගියා උයන්න. ඔක්කෝටම ඉස්සෙල්ලා දෙහි එකක් හදන් බීලා අර දෙන්නටත් දෙකක් හදලා තිබ්බ.

උයල ඉවර වෙනකොට අනිත් දෙකත් සැපත් උනා කබ කඩ කඩ. මුං කවදා ලොකු උන් වගේ හැසිරෙයිද මන්දා... දැනුත් පොඩි උන් දෙන්නෙක් වගේ, තොලුත් පිට පෙරලගෙන ඇවිල්ලා අපි දෙන්නාව බදා ගෙන good morning කිව්ව...😚

අනේ අම්මපා ළමයි හදලත් නැතුව දරු සුරතල් බලන්න උනානෙ ඉතින් මටත්.... නාකි හොතන්.... මුන්ගේ මිනිස්සුන්ට ළමයි හදන්න ඕනේ නෑ... මුං දෙන්නම ඇති හදාගන්න😆

Soushi : "අහකට වෙයව්!!! අර දෙහි දෙක බීලා ලෑස්ති වෙන්න. කෑම මේස තියන්නම්"

Sue, YH : "Ok ok 😴"

ඒ දෙන්නා ලෑස්ති වෙලා එනකොට කෑම ඇරලා තිබ්බේ. අපි දෙන්නත් ලෑස්ති වෙලා ආව කන්න.

කාලා බීලා mall එකට ගියා අපි දෙන්න. අද නං කට්ටිය ටිකක් අඩුයි වගේ... අපි දෙන්නා ළග ළග ඉන්න හින්දා කයියක් එහෙම දාගෙන හිටියා

Yonha ට අතපය තියන් ඉන්න බැරි දරුණු ගනයේ දුර්ලභ ලෙඩක් තියෙනවා. මේකි මගේ බෙල්ල අල්ලාගෙන හොලව හොළව කියවන්න පටන් ගත්තා. මටත් ඉතින් ඕක පුරුදු හින්දා මාත් ඒකි වනන වැනිල්ලටම වැනි වැනි කියවන්න ගත්තා.

ටිකකින්.....💥
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

?? : "අන්න hyung මිනී මරනවා!!!!!!!" 🗣️🗣️🗣️

කෑගැහුවේ නැතෑ කොම්ලෙක්!

බලනකොට ගෝනිබිල්ලෝ 4 දෙනෙක්. අරකි තාම මගෙ බෙල්ල හොල්ලනවා. ආහ්!!! ඩයල් එක ඒකට වෙන්නැති බය වෙන්න ඇත්තෙ. අරකි බෙල්ල හොල්ලන එක නවත්තල රෙදි තියෙන කොටසට ගියා. මං හිටියේ මගෙ එකෙමයි... සපත්තු කොටසේ.

😜 DEAR HEART 💢<3💭Where stories live. Discover now