EVENING 🌆,



මියුනික් වලට අද හොදට වහිනවා.. ෆුඩ් සිටියට  ආව හැනාගෙ අම්මාට බඩුත් උස්සන් ගෙදරට යන්න වැස්සත් එක්ක අමාරු උනා.. හැනාගෙ අම්මා ෆුඩ් සිටිය ඉස්සරහින් ම ටැක්සි එකක් නවත්තගෙන ඒකට ගත්ත බඩු ඔක්කොමත් දාගෙන ගෙදරට එන්න ආවා..  වැස්ස නිසා ටිකක් විතර පාරෙ ට්‍රැෆික් එකක් තියෙද්දී හැනාගෙ අම්මා නැගපු ටැක්සි එක කලර් ලයිට් එකට අහු උනා.. හැනාගෙ අම්මා ටැක්සි එකේම ඉද්දී ඒ ටැක්සි එකට දකුණු පැත්තෙන්ම ඇබීගෙ බයික් එකත් ඇවිත් නැවැත්තුවා


හොදම දේ තමයි ඒ වෙලාවෙ ඇබී එක්ක බයික් එකේ හැනාත් හිටිය එක.. ඇබී වැස්ස එන්නත් කලින් හැනාව ගෙදර එක්කන් යද්දී මගදිම දෙන්නම වැස්සට අහු උනා.. හැනා හැබැයි ඇබීටත් එක්ක පිටිපස්සෙන් කුඩේ අල්ලගෙන ඉදියා... කුඩේ නිසා ඇබීගෙ කොහොම උනත් හැනාගෙ නම් මූණ පෙනුනෙ නෑ



හැනාගෙ අම්මාවත් ඒ වෙලාවෙ ඒ පැත්ත හැරිලා බැලුවේ නෑ.. අම්මා හිටියේ ට්‍රැෆික් එක කීයටද ඉවර වෙන්නෙ ඉක්මනට ගෙදර යන්න බලාගෙන.. හැනා උනත් එයාගේ අම්මා එයාගේ වම් පැත්තෙන් ඉන්නවා කියලා දැක්කෙ නෑ



ඒත් එකටම හැනාගෙ අම්මා හැනාව දැක්කා නම් වැස්සෙ උනත් අම්මගේ ප්‍රශ්න පෙට්ටියට උත්තර දෙන්නෙ නැතුව හැනාට බේරෙන්න හම්බෙන්නෙ නෑ.. හැබැයි එච්චර ගානකුත් වෙන එකක් නෑ.. ගෑණු ළමයි දෙන්නෙක් එකට දැක්ක පලියට කියන්න පුලුවන් ද ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලා



කොල පාට ලයිට් එක වැටුණ ගමන් වාහන ඔක්කොම යන්න ගද්දී හැනාගෙ අම්මා හිටපු ටැක්සි එක වගේම  ඇබීගෙ බයික් එකත් හැනාලගෙ ගෙවල් වලට යන පාර තියෙන වම් පැත්තට හරෙව්වා..  හැබැයි වැස්ස තව ටිකක් තද කරපු නිසා හැනාගෙ අම්මා ටැක්සියෙ ගියත් ඇබීටයි හැනාටයි බයික් එකෙ යන්න අමාරු උනා.. ඇබී බයික් එක ළග තියෙන ෂොප් එකක් පැත්තට හරවල නවත්තද්දි හැනා තෙමෙන්නෙ නැති වෙන්න ඉක්මනට බැහැලා ෂොප් එක ඇතුලට ගියා.. ඇබීලා බයික් එක නැවැත්තුවත් හැනාගෙ අම්මා නම් දිගටම ටැක්සි එකෙ ගියා




" අයියෝ.. මේ වැස්සටත් දැන්ම එන්න ඕන උනානේ.. "




හැනා ෂොප් එක ඇතුලේ ඉදන් සීතලත් එක්ක කියද්දී ඇබීත් ඉක්මනට බයික් එක නවත්තලා ෂොප් එක ඇතුලට ආවා



" හරි නරකයි.. මාව අර වැස්සේ දාලා ආවා නේද "



ඇබී තෙමිච්ච කොණ්ඩෙත් අල්ලන් කියද්දී තමයි හැනාටත් මතක් උනෙ එයා කුඩෙත් අරන්මයි ෂොප් එක ඇතුලට ආවෙ කියලා



" අනේ... සොරි අනේ.. මට දැනුයි මතක් උනෙ.. අනේ සොරි ඇබී "



" ඇහ්.. ආ ඒකට කමක් නෑ.. මං නිකන් කිව්වෙ "




ඇබී හිනා වෙලා අත් දෙක එකට තියල ලගට ගත්තෙ එයාටත් පොඩී සීතලක් එද්දී..



" ඇකඩමි එකට යන්න ඕන නේ.. මං අසනීප උනොත් කොහොමද යන්නෙ.. අයියෝ සීතලයි ඇබී " .



හැනා ඇබීගෙ අත් දෙක ඈත් කරල තුරුලට උනෙ හැනාටත් සීතලක් ආව නිසා.. වැස්ස ටිකක් තදට වහනින් ගත්ත නිසා කුඩේ අරන් උනත් දෙන්නට බයික් එකේ නම් යන්න බැහැ.. ඇබී බැලුවා බැලුවා වැස්ස අඩු වෙන පාටක් නෑ




" බබා.. මං ඔයාව ටැක්සි එකක යවන්නද "


ඇබී කියද්දී  හැනා තුරුලෙ ඉදන්ම ඔලුව උස්සලා ඇබී දිහා බැලුවා


" එතකොට ඔයා "


" මට අවුලක් නෑ.. කොහොමත් මට බයික් එක මෙතන දාලා එන්න බෑ.. ඉන්නකො "



ඇබී හැනාව ඈත් කරල හැනාගෙ අතේ තිබ්බ කුඩෙත් අරන් පාර පැත්තට ගියෙ ටැක්සියක් නවත්තගන්න.. ඇබී ටැක්සි දෙක තුනකට අත දැම්මත් වැස්ස නිසා ඒ හැම එකකම සෙනග හිටියා.. හිස් ටැක්සි නැවැත්තුවත් ඒවයෙ හිටපු ඩ්‍රයිවර්ලාව ඇබීට ඇල්ලුවෙ නැති නිසා ඇබී ඒ ටැක්සි ආයම යැව්වා.. කොහොමහරි එක ටැක්සියක් නවත්තගත්ත ඇබී ෂොප් එකේ හිටපු හැනා ලගට ගියා


" පරිස්සමින්.. ගිය ගමන් කෝල් එකක් දෙන්න "



ඇබී තෙමෙන නිසා හැනා කුඩේ ඇබීට දුන්නා.. හැනා නැගපු ටැක්සිය එතනින් යද්දි ඇබී ආයම අර ෂොප් එකට ගියෙ වැස්ස අඩු උනාම යන්න හිතාගෙන.. මොන නැකතෙන් එලියට බැස්සද මන්දා වැස්ස පැය කාලක් ගියත් නැවතුනෙ නෑ.. එවෙලෙ ඇබීට කෝල් එකක් වෙනුවට මැසේජ් එකක් ආවෙ හැනා ගෙදරට ආවා කියලා



" ශැක්... මේ වැස්සත් ඕන නැති වෙලාවටමයි පාත් වෙන්නෙ "




විනාඩි දහයකින් විතර යන්න පුලුවන් මට්ටමට වැස්ස ටික ටික අඩු උනා.. ආයම තද වෙන්න කලින් ඇබී ඉක්මනට බයික් එකත් අරන් හරවගෙන ගෙදර යන්න ගියෙ දැනටමත් ට්‍රීස්ගෙන් මිස් කෝල් පහ හයකට වැඩිය ඇවිත් තිබ්බ හින්දා.. වෙලාවට අසනීපයක් හැදෙන්න තරම් දෙන්නා තෙමිලා තිබ්බෙ නෑ














See you guys ❤️






You've reached the end of published parts.

⏰ Last updated: Oct 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now