13.

72 20 6
                                    









ඉවරයි...


එහාට වෙන්න හිටපු හේසල්ට ඉබේම කියවුණා

වැඩේ හොද නැති පාටක් පේන්න යන නිසා හේසල් ඉන්න තැනින් හැනාලා ලගට දුවගෙන ආවා.. මිෂෙලුත් හේසල් ගිය නිසා ඇබී ලගට ආවා

Clap කර කර එතනට ආව ජූලි හැනා දිහා හිනාවෙවී බැලුවා


" නියමයි හැනා.. ඇත්තමයි ඔයාගේ ඇක්ටින් නම් සුපිරි.. සම්මානයක් දෙන්න වටිනවා " ජූලි කියද්දී හැනා ජූලි දිහා කේන්තියෙන් බැලුවා

" ජූලි එපා "

" ඇයි.. ඇයි අනේ එපා කියන්නේ.. ආ ඔයාට සතුටු නැද්ද මං පැරදුනාට.. මට නම් පලවෙනි පාරට මං පැරදුන එකට මාරම සතුටක් දැනුනේ "


" ජූලි please "
හැනා ජූලිගෙන් ඉල්ලුවා.. ඒත් ජූලි කරේ හැනා දිහා බලන් හිනා වෙන එක.. ජූලි හැනාව රවට්ටන බව හැනා දැනගෙනම හැනා ඒ වැඩේ භාර ගත්තෙ.. හැනාට එදා විශ්වාසයක් තිබුණා එයා ඇබීට කැමති වෙන්නේ නෑ කියල.. ඒත් අද.. හැනාට ඇබීව ඕන වෙලා...



" ඇයි තමුසෙ අඩන්නේ.. තමුසේ ඔච්චර දුර්වලයි කියලා මං දැනන් හිටියෙ නැහැ නේ.. හහ.. බීච් " ජූලි හැනාට කියද්දී හිතාගන්න බැරුව බලන් හිටිය ඇබීට කේන්ති ගියා.. ඇබීගෙ අත මිට මෙලවෙද්දි කේන්තියට.,



" මොකක්ද උබ කියන්නේ "
ඇබී ජූලි ලගට එද්දී මිෂෙල් ඇබීගෙ වැලමිටෙන් අල්ලලා නැවැත්තුවෙ ජූලි ටිකක් පස්සට යද්දි.. ජූලි ටිකක් බය උනත් ඒක පෙන්නුවෙ නෑ.. ජූලි ඇබී දිහා බලන් හිටියෙ ආඩම්බරෙන්.. හරියට තමන් හැමදේම ගැන දන්නවා කියලා


" හහා.. ඔයා හරි මෝඩයි ඇබී.. මං හිතුවේ නෑ මෙච්චර ලේසියෙන් ඔයාව රවට්ටන්න පුලුවන් වෙයි කියලා.. මං එදා කිව්වා මතක ඇති නේ ඇබී.. මාත් එක්ක එකට එක කරන් එන්න එපා"


" පිස්සු හැදිලා ද.. මොකක්ද කරන්නේ "

" කරන්නේ නෙමෙයි කරේ කියලා අහන්න.. ඒකත් ඔය හැනාගෙන්ම.. " ජූලි කියද්දී ඇබී හැනා දිහා බලලා ජූලි දිහා බැලුවත් ඒ ක්ෂනිකව අය හැනා දිහා බැලුවා


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now