02.

121 24 8
                                    






" හරි හරි අම්මේ මං මේ එනවා.. ඔය ඉතින්... විනාඩි පහක් කියන්නේ මොකද මං පියාඹලා එන්නද.. ඉක්මනට එන්නම් හරි තියනවා එහෙනම්... හරි හරී... හරී... "

එක අතකින් පොත් ගොඩකුත් අරන් අම්මා එක්ක කතා කරන ගමන් හැනා කොරිඩෝවේ ඉදන් ආවා.. කෝල් එක කට් කරලා පොන් එකත් බල බල ම කොරිඩෝවේ වංගුව හැරෙද්දී ඉස්සරහින් ආව කෙනෙක් ගෙ ඇගේ හැප්පිලා පොත් ටිකත් එක්කම බිමට වැටුණා... ගිය පාර වගේ ම තමයි.. මේ පාරත් හැනා හැප්පුනේ ඇබීගෙ ඇගේ.. හැබැයි හැනා ඇබීව දැක්කේ නෑ එයා තාම වැටුණ එක ගැන සිහියෙන්... හැනා වැටුණ ගමන් බැලුවේ පොත් ටිකට වඩා පොන් එක ගැන.. ඒත් ඇබීට නම් හැනාව දැකලා හිනා ගියා


" උඩ බලන් ද අයිසේ යන්නේ " පොන් එක අරගෙන අහන ගමන් උඩ බැලුවා.. එතකොටයි හැනා දකින්නේ එයා දිහා බලන් හිනා වෙවී ඉන්න ඇබීව

" අයියයියෝ මෙයා ද...  " කිව්වා නෙමෙයි හිතුනා

" මොකද හිනා වෙන්නේ " තමන් දිහා බලන් හිනා වෙන නිසා හැනාට ටිකක් කේන්ති ගියා

" හැමවෙලේම හැප්පෙන එක ඔයාගේ පුරුද්දක් වගේ නේ " ඇබීගෙ තව ටිකක් හිනා වෙන ගමන් ඇහුවේ හැනාව සෙල්ලමට අරන් කේන්ති තව ටිකක් යවන්න..

" හිතලා හැප්පුනේ නැහැ නේ.. අනික ඔයානෙ උඩ බලන් ආවේ "


" උඩ බලන් එන්න ඇයි ඔයා හිතුවද මට බෙල්ලේ අමාරුවක් වගේ තියෙනවා කියලා.....

" බෙල්ලේ නෙමෙයි ඔලුවේ "

" මට ඒක ඇහුනා.. දැනගන්න මට කොහේවත් අමාරුවක් නෑ.. ඒ වගේම මම නෙමෙයි ඔයයි මෙතන පොන් එකේ සිහියෙන් ආවෙ.. ඉතින් ඔයාගේ වැරැද්ද මේ පාඩුවේ ආව මට පටවන්න එපා "  ඇබී කිව්වාම නම් හැනා silent  උනා.. මොකද හැනායි පොන් එකේ සිහියෙන් ඇවිත් ඇබීව දැක්කෙ නැත්තේ.. හැනා කටත් වහගෙන බිම තියෙන පොත් ටික අහුලද්දි ඇබීත් උදව් උනා


" ඔහ් love under fire.. series  පොතක් නේ.. ඔයා මේවත් කියවනවා ද " හැනාගෙ පොතක් අතට අරන් ඇබී අහනකොට ඔරවලා පොත උදුරගත්ත හැනා ඔක්කොම ටික එකතු කරගෙන නැගිටලා ඇබීවත් පාස් කරන් එතනින් ඉස්සරහට ගියා.. හැනා යන දිහා ඇබී එහෙම්මම හැරිලා බලද්දී ටිකක් ඉස්සරහට ගියපු හැනාත් පිටිපස්ස හැරිලා ඇබී දිහා බැලුව... හැනා බලනවා දැක්ක ගමන් ඇබී කරේ හැනාට ඇහැක් ගහන එක.. ඒක දැකපු හැනා ඇබීට ගස්සාගෙනම ආය පිටිපස්ස බලන්නේ නැතුව ම ගියා















WHAT IF I KILL YOU IN THE END? [GL]Dove le storie prendono vita. Scoprilo ora