09.

73 18 4
                                    










" Class එක ඉවර වෙලා මොනවද කරන්න හිතන් ඉන්නේ " ඇබී ඇහුවේ හැනා එක්ක ඇවිදින ගමන් .,

" මන්දා.. අම්මාගෙනුත් අහලා තමයි තීරණය කරන්න ඕන " හැනා ඇබීගෙ වැලමිටෙන් අත දාගෙන කතා කරා.. දෙන්නා හරියට යන්නේ කපල් එකක් වගේ

" ඔයා තීරණය කරලා නැද්ද.. සාමාන්‍යයෙන්.. මට මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතලා නැද්ද "

" ම්.. එහෙම පොඩි එකක් නම් තිබ්බ.. මට dancer කෙනෙක් වෙන්න පොඩි ආසාවක් තිබ්බා "

" ඉතින් වෙන්නකෝ " ඇබී කියද්දී හැනා හිනා උනා


" එහෙම බෑ නේ "

" ඇයි බැරි? "

" අපි වෙන්න හිතන කෙනා වෙන්න හැමෝටම බෑ..  "

" උත්සාහ කරොත් පුළුවන්.. ඔයාට ආසයි කියලා හිතෙන දේ කරන්න හැනා "

" ඒක අත් අරින්න.. ඔයාට එහෙම එකක් නැද්ද " හැනා ඇබී දිහාට හැරිලා අහද්දි ඇබී.,

" නෑ "

" අන්න බොරු කියනවා.. ඇත්ත කියනවකො "

" නැ.. සිරාවට කියන්නේ " ඇබී හිනා වෙවී කියද්දී හැනා ඇබීගෙ අතට පාරක් ගැහුවා



ඇබී එක්ක ඇවිදින්න, කතා කරන්න හැනාට ආවෙ මාරම ආසාවක්.. ඒක ජූලි එක්ක කරපු චැලෙන්ජ් එක නිසා නෙමෙයි.. ඇබී එක්ක මේ විදිහට පාරෙ ඇවිදිනකොට හැනාට ආවෙ ආඩම්බරයක්.. ඇබීට තියෙන්නේ කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම් ලස්සනක්.. ඉතින් පාරෙ යද්දි ගොඩක් ආය මේ දෙන්නා දිහා බලනවා.. හැනා ඉතින් ඒ බලන හැම කෙනා දිහාම බලන්නේ හරියට " ඇබී මගේ " වගේ ලුක් එකකින්.. හැනා තව ටිකක් අත තද කරගෙන ඇබී ලගට වෙලා ඇවිදිද්දි ඇබීත් ඒ දිහා බලලා හිනා උනා..





















AT KATHY HOUSE,


" අහ්.. thanks  ෆෝලින්.. දැන් නම් ටිකක් අඩුයි වගේ "  උදේ නැගිට්ට වෙලේ ඉදන් තිබ්බ ඔළුව කැක්කුම නිසා කැතී හිටියේ කිසිම වැඩක් කරගන්න බැරුව.. කැතී ෆෝලීන්ට කියලා පැනඩෝල් 2ත් අරන්, තව මසාජ් එකකුත් දාගත්තා.. කැතීට අමාරුම දේ තමයි කිසිම වැඩක් කරන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්න එක.. පැනඩෝල් 2ත් බීලා ඔළුවත් මසාජ් කර ගත්තාම කැතීට ඔලුවෙ කැක්කුම ටිකක් අඩු උනා..


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now