Introduction

433 23 20
                                    

අම්මා... අම්මා....

මොකද දරුවො මේ උදේ පාන්දර කෑගහන්නෙ...

මගෙ  නිල් පාට ෂූස් දෙක කොහෙද අප්පා... මට යන්න පරක්කු වෙනවා...

මං දන්නවද ඔයාගෙ ෂූස් කොහෙද කියලා... ගලවලා දාපු තැනක ඇති... මේක පුදුම වැඩක් උනානේ... ඕක තමයි තුෂ් බබා කියන්නෙ ගේ ඇතුලට එද්දි ඇදුම් ගලව ගලව හතර අතේ විසි කර කර එන්න එපා කියලා... බලනවා ගිහින් සාලෙ පුටුවක් අස්සෙ හරි ඇති... අනේ මන්දා මේ ලමයා කවදා හැදෙයිද කියලා... කවදාහරි මූව බැදගන්න කෙල්ල පවු...

අනේ මේ අම්මා ඔව්වට නම් එන්නෙපා හරිතේ... මට ඔය කෙහෙවත් ඉන්න කෙල්ලො ඕනෙ නෑ මට මගෙ සුදු අම්මා කෙල්ල ඉන්නවනේ...

දැන් ඔහොම කිව්වට අපි තව ඉස්සරහට බලමුකෝ තුෂ් බබා... දැන් ඔයාම ගිහින් ඔයා ගලවලා දාපු තැනකින් හොයාගන්න එකයි ඇත්තෙ...

අයියෝ අම්මා...

දැන් මං කිව්වනේ එක පාරක්...

ම්හුක්ක්... මහ හොද නෑ අප්පා...

අම්මේ මේහ්...

මොකද තුෂ් බබා මේ...

මේ අහන්නකො අප්පා...

මොකක්ද කියන්නකෝ...

අක්කා මේ පාර එන්නෙ කවද්ද...

අනේ මන්දා බබා ලොකූ මේ වීකෙන්ඩ් එකේ එන කතාවක් කිව්වා... ඒත් ඉතින් එනකන් ෂුවර් කරන්න බෑනේ... දන්නවනේ ඔය රස්සාවෙ හැටි...

අයියෝ ඕක ගැන හිතන්න එපා අම්මා... එයා ඔය හොදට ඉන්නෙ...

මේ ඒක නෙමේ දැන් එතකොට ලබන අවුරුද්දෙ අක්කාගෙ වෙඩින් එක ඇත්තටම ගන්නවද අම්මේ...

ගන්න එපැයි තුෂ් බබා... නැත්නම් අක්කට වයස යන එක විතරයි වෙන්නෙ... දැන් ඔය සම්බන්දෙටත් අවුරුදු හතරක් විතර වෙනවනේ...

ඒකත් ඇත්ත තමයි නේහ්... දැන් එතකොට ඔය මස්සිනාකාරයා කෝස් එක ඉවර වෙලා තව මාස දෙකකින්ලුද එන්නෙ...

එහෙමලු...

එතකොට ඔය කමාන්ඩර් අංකල්ගෙ දෙවෙනි පුතා... එයා මොකද කරන්නෙ...

ඒ දරුවා නම් ට්‍රේනින්ග් කොලේජ්ලු...

ආපෝ... ගුරෙක්ද... මං හිතුවා තාත්තායි අයියායි වගේ ෆෝසස් එකේම එකෙක් වෙන්න ඇති කියලා...

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Where stories live. Discover now