ඇබී හැනාව බදාගත්තා.. හැනාත් ඇබීට තුරුළු උනෙ හැනාට මොනවද උනෙ කියලා හිත හිත .. හැනාට හැමදේම එපා වෙලා වගේ දැනෙනව














ANOTHER DAY,


" හේසල්.. හේසල්.. හේසල්!!! "


හැනා හේසල් දෙන්නා එකට ක්ලාස් එකට යන්න හම්බවෙන තැනදි හේසල්ට ඈත තියාම කෑ ගහපු හැනා දුවගෙන ආවා.. හේසලුත් ඒ පැත්ත හැරිලා බැලුවෙ මේ විදිහට හැනා මොකක්ද කියන්න එන්නෙ කියලා.. හැනා දුවගෙන ඇවිත් හේසල්ගෙ උරහිසෙන් අල්ලලා එකදිගට හොලවන ගමන්,


" අඩෝ මං පාස් වෙලා බං.. මං එක්සැම් එක පාස් "



එකපාර තමන්ව හයියෙන් හොලව හොලව හැනා කියද්දී ඒක මොළේට හරියට තේරෙන්න ටිකක් වෙලා ගියා.. හැනා පාස් වෙලා කියලා දැනගත්තාම හේසලුත් හැනාව බදාගත්තා.. ඒ පාර දෙන්නා බදාගෙන උඩ පනින්න ගත්තා


" සිරාවට ද.. ඈ..  අඩෝ කන්ග්‍රෑට්ස් බං.. එහෙනම් උබ අන්තිමේ දි ඒක කරා ඈ "


හැනා හේසල් දිහා බලලා ඇදන් හිටපු ඇදුමෙ කර උස්සද්දි හේසල් හැනාගෙ අතට පාරක් ගහල හිනා උනා.. ඇකඩමි එකට ළමයි සිලෙක්ට් කරගත්ත කියලා මැසේජ් එක ආවෙ උදේ.. තමන් තේරිලා ඇතිද කියලා බයෙන් බයෙන් ඒ මැසේජ් එක දිහා ටිකක් වෙලා බලන් හිටිය.. පස්සේ ඇකඩමි එකේ වෙබ් පිටුවට ගිහින් හැනා අලුතින් බදවා ගත්ත අයගෙ නම් ලිස්ට් එක බලද්දි එතන තෝරගත්ත විසිදෙනා අතරින් දොළොස් වෙනියට හැනාගෙ නම තිබුණා..


එවෙලෙ සතුටට හැනාට කතා කරගන්න බැරිව ඇස් දෙකෙන් කදුළු ආවා.. හැනා ටික වේලාවක් ඇදේ  ඉදගෙන සන්සුන් උනත් ඒ ගමන්ම නැගිටලා පුලුවන් තරම් හයියෙන් ගෙදර අයට කෑ ගැහුවෙ තමන් පාස් වෙච්ච සතුටට




දැන් එයත් ඇකඩමි එකේ නීත්‍යානුකූල සාමාජිකයෙක්.. කවදාහරි දවසක තමන් මේ රටේ සල්ලි තියෙන ජනප්‍රිය කෙනෙක් වෙනවා කියල හිතෙද්දි හැනාට හාර්ට් එක එලියට පනින්න තරම් සතුටක් දැනුනා.. රිසාල්ට් එන දවස වෙනකන් හැනා හිටියේ බයෙන්.. දවසට දෙපාරක් තුන්පාරක් තමන් පාස් වෙන්න ඕන කියලා හැනා ඉල්ලුවා



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now