ආයෙම ඇහැරෙද්දි වලාකුලට මුලිම්ම දැනෙන්නෙ හරිම සිනිඳු තණකොළ ගොල්ලක්.
සීතල නොදැනෙන්න එයාව වැලඳගෙන.
ඇයි මේ සනීප බව කලින් නොදැනුනේ එයා හිතනවා.
එතකොටයි එයාට මතක් වෙන්නෙ එයා හිටියේ හැමදේම එපා වෙලා, ලෝකෙම අවලස්සන තැනක් විදියට දකින ගමන් කියලා.
ඉතින් එයාගෙ හිත ඒ විදියට අවලස්සන වෙලා තියෙන වෙලාවක එයාට ලස්සන දේවල් පේන්නෙම නැති වෙලා ගිහින්.

දැන් වලාකුල වෙනස්.
එයාට සතුටුයි එයා අඬලා අඬලා කඩා නොවැටුන එක ගැන.
මොකද හැම වලාකුලකටම දවසක කඩා වැටෙන්නම වෙනවා.
ඉතින් කඩා වැටෙන දවසට කඩා වැටෙන්නෙ නැතුව ඇයි ඉක්මනට කඩා වැටෙන්නෙ.
ඒ අතරෙදි විඳින්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්.
හරියට මේ සිනිඳු සුවඳ තණකොල ගොල්ල වගේ.

තණකොල ගොල්ලට හාදුවකුත් දීගෙනම, වලාකුළ නැගිටිනවා.
හරිම හෙමීට පාවෙනවා.
එයත් එක්ක තරඟෙට දුවන හුළඟ පේන මානෙකවත් නෑ.
හැබැයි වලාකුළ ඒ ගැන දුක් වුනෙත් නෑ.
දුවගෙන යද්දි වගේම හෙමිහිට පා වෙවී යද්දිත් හොඳයි.
ලස්සනයි.
වෙනස්ම විදි දෙකක ලස්සනවල් දෙකක්.

පහලින් පේන ලස්සන ගස්කොලන්,
මල්,
මිනිස්සු,
වාහන,
මේ හැමදේම දිහා බලාගෙන වලාකුල හෙමීට පාවෙනවා.

ආපහු හැරිලා බලද්දි මේ හැමදේම සිද්ද වෙච්ච විදිය ගැන වලාකුලට සතුටුයි.
එයාට කොච්චර ලස්සන දේවල් විඳින්න ලැබුනද?
ඉර යන්න ගියා කියලා, දුක් වෙවී ඉර පස්සෙන්ම ගියා නම් එයාට හුළඟ මග ඇරෙන්න තිබුනා.
හුළඟ එයාව කන්දක් මුදුනෙ තනි කරලා දාලා නොයන්න එයාට තණකොල වගේම මෙහෙම හෙමීට යන ගමනක ලස්සන මගෑරෙන්නත් තිබුනා.

ඒ වගේම එයාට ලොකුම නිදහසක් දැනුනෙ, තවත් දෙයක් එයාට හරියටම තේරුම් ගියාට පස්සෙ.
ඒ ඉර වගේම හුළඟ එයාට මගෑරිලා ගියේ එයාගෙ වැරැද්දක් නිසා නොවෙන බව,
ඒ වගේම ඉරවත්, හුලඟවත් එයාට වැරැද්දක් කරන්න, එයාට දුකක් දෙන්න හිතාගෙන කරපු දේවල් නොවෙන වග,
ඒ ඉරේ විදිහ, වගේම හුළඟෙ විදිහ බව.
ඒකට කාටවත්ම කරන්න දෙයක් නෑ.

උල්කා (Completed)Where stories live. Discover now