70

1K 133 259
                                    

"තාමත් කළුවර අහසෙ වලාකුලක් බලාගෙන ඉන්නවා.
දේදුන්නකින් ලස්සන පාට අරගෙන ලස්සනම ලස්සනට හැඩ වෙනවා.
ඇයි මේ?
ඉර පායනකල්ද බලාගෙන ඉන්නෙ.
හරිම ලස්සනයි.

පායගෙන එන ඉර දකිද්දි වලාකුල දිලිසෙනවා.
මේ තරම් ලස්සනක් දැකලා අහක බලාගෙන යන්න කාටද පුළුවන්.
ඉතින් ඉර එන්නෙත් වලාකුල ලඟටමයි.
ලඟටම ඇවිත් තුරුල් කරගෙන ඉඹිනකොට වලාකුල තවත් ලස්සනයි.
රතුම රතු පාටයි.
දැන් නම් වලාකුළ ඉන්නෙ සතුටෙ හිනි පෙත්තෙමයි කියන්න තවත් මොකුත් ඕනම නෑ.
එයාව දැක්කගමන් ඒක පේනවා.
ඒ සතුට එයා දිහා බලාගෙන ඉන්න කෙනෙකුගේ ජීවිතේ වුනත් ලස්සන කරනවා.

ඒත් ඉර වලාකුල එක්කම ඉන්නෙ හරිම ටික වෙලාවයි.
ටිකෙන් ටික ටිකෙන් ටික නිල් අහස දිහාවට ඉර ඇදිලා යනවා.
අනේ! මා එක්කම ඉන්න කිය කිය වලාකුලත් ඒ පස්සෙන් යන්න ගියාට මොකද, ඒකෙන් වැඩක් නෑ.
ඉර ආයෙම හැරෙන්නෙ නෑ.
වලාකුලේ ලස්සන පාට ඔක්කොම මැකිලා යනවා.
වලාකුල දුකෙන්.

ඒ එක්කම කොහෙන්දෝ මන්දා හුලඟක් හමාගෙන එනවා.
වලාකුලත් එක්ක සෙල්ලම් කරන්නයි හුලඟට ඕන.
හුලඟට පා වෙවී වලාකුල දුවගෙන යනවා.
එයා ආයෙමත් සතුටින්.
එහෙට මෙහෙට ඇඹරි ඇඹරි එයාවම වෙනස් කරගන්න හැටි, කඩන් නොවැටි උඩට පහලට ඇදිලා යන හැටි හුලඟ කියලා දෙද්දි, වලාකුළ ඒ හැමදේටම පුරුදු වෙන්නෙ හරිම ආසාවෙන්.
ඉතින් ඔන්න දෙන්නත් එක්ක ලොකේ පුරා පාවෙනවා.
හරි හයියෙන් හිනා වෙවී.

ඒත් දවසක් හුලඟ යන්න යනවා.
වලාකුල කන්දක් මුදුනෙ තනි කරලා.
වලාකුලට පාර හොයා ගන්න බෑ.
එයා එතන හිර වෙලා.
බයෙන්, දුකෙන්, මහන්සියෙන් වලාකුල එතනම වැතිරෙනවා.
එයාට ඕන අඬන්න.
අඬලා අඬලා කඩාගෙන වැටෙන්න.
ඒත් එයාට අඬන්නවත් බෑ.

ඇයි මටම?
ඇයි හැමෝම, හැමදේම මාවම දාලා යන්නෙ?
ඇයි මටම මෙහෙම වෙන්නෙ?
එයාට හිතෙන්නෙ එච්චරමයි.
ඒ ගැනම හිත හිත ඉද්දි දන්නෙම නැතුව එයාට නින්ද යනවා.
කන්ද මුදුනෙම.
සීතලට වෙවුල වෙවුලම.

උල්කා (Completed)Where stories live. Discover now