විසි තුන්වන දිගහැරුම 👀

Start from the beginning
                                    

" බනී කැමති දෙයක් තියනවද??? පැය තුනක් හතරක් යයි කැන්ඩි යන්නත්..හයියෙන් ඩ්‍රයිව් කරලා සුදු අයියාගෙන් මැරුම් කන්නත් බෑනේ...ඒක හින්දා ගොළුබෙලි ගමනින්ම යාන්…………."

විර්දේව් දත් විලිස්සමින් පවසමින් ඇය දෙස බැලුවේ ඇයත් මුව පුරා සිනාසෙමින්ම ඔහු දෙස බලද්දී...විර්දේව්ගේ ඇසුර ඇගේ මනස සෑම විටම සුවපත් කරන නිසාවෙන් ඇය ඔහුගේ ඇසුර කවදත් ප්‍රිය කලා සෞර මෙන් සධිල් මෙන් ඔහු ඇයව නොරිදනා නිසා…

"මේකයි...මේකයි….මේකයි….මේකයි….මේකයි….මේකයි…."

" හෝව් අම්මා හෝව්……"

ආහේලි කඩය තුල රාක්ක මත තිබුනු කෑම වර්ග මතට පිළිවෙලක් නැතිව ඇඟිල්ල තබමින් පෙන්වද්දී විර්දේව් ඇය ඉදිරියට පැන ඇයව නැවතුවේ ඇය එක්වරම පෙන්වූ කිසිවක් ඔහුගේ මතකයේ නොතිබූ නිසාවෙන්…

" ආපහු මුල ඉදන් යන් ඈහ්...තප්පරයක් දෙන්න මන් ට්‍රොලි එකක් අරගෙනම එන්නම්…සෑහෙන දඩයක් වදී වගේ....."

ඇගේ කොපුලකට ඇඟිලි දෙකකින් තට්ටු කල විර්දේව් ඇයට අවශ්‍ය කරන දෑ දමා ගැනීමට ට්‍රොලි එකක් රැගෙන ඒමට පිටත් වුනේ ඇය දැනටමත් දෑත පිරෙන්නම කඩචෝරු ගෙන ඇති බව ඔහුගේ නෙත ගැටෙද්දී….

එය සාමාන්‍ය ප්‍රමාණයක කඩයක් වුනත් සියළුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම ආහාර පාන වර්ග වලින් පිරී තිබූ නිසාත් වැඩිය මිනිසුන් නොසිටි නිසාත් ඔවුන් දෙදෙනාට නිදහසේ අවශ්‍ය දෑ මිලදී ගන්න අවස්ථාව තිබුනා..

ආහේලි ප්‍රිය කරන ටොෆි,චොක්ලට්,බිස්කට්,මුරුක්කු,ටිපි ටිප්,බීම වර්ග වලින් ට්‍රොලිය පිරී ගියේ විනාඩි ගණනට..

" බනී මට පොඩ්ඩක් කියනවද මෙතනින් බඩ පිරෙන්න කන්න තියෙන්නෙ මොනවද කියලා???"

විර්දේව් හිස කසමින් විමසන්නේ ඇය දෙස විසල් වූ දෑසින් බලමින්..

" මේවා ඔක්කොම මට ඕනේ ඉතින්….."

ඇය හඬන්න ලන්ව ස්වරයකින් හිස මදක් ඇල කර පවසද්දී විර්දේව් එතනින් එහාට කිසිවක් විමසන්න ගියේ නැත…

" අරන් දෙන්න බෑ කිව්වද මන්….නෑ නේහ් හොට්ටි………."

විර්දේව් ඒ තප්පරයට ඇගේ රතුව ගිය නාසය නොරිදෙන සේ මිරිකුවේ ඒ මුහුණ හිනහවකින් එළිය වෙද්දී...

මඟ බලමින් 👀Where stories live. Discover now