🍷🥂02🥂🍷

335 30 11
                                    

🥂 02🥂

तेरी याद में मर जाऊंगा
ඔබේ මතකයේ මා මියැදෙන්නම්
__________🖤__________

"වරුණ... කෝ මිනිහෝ බෝතල් ටික....කොහෙද ඒවා විසික් කලේ..."

කොල්ලො දෙන්නා ගේ ඇතුලට අඩිය තියද්දිම ෂේද් කෑගහලා අහනවා ඇහුනා කිචන් එක පැත්තේ  ඉදන්.

"කොහෙද කියපන් ඒවා.... ලාච්චුව හිස්"

ටිකකින් ෂේද් දුවගෙන ආවා වරුණ ලගට. ඇවිත් වරුණගේ කොලර් එකෙන් අල්ලගෙන ෂේද් ඇහුවේ කෝපයෙන්.

"මචං....මේකයි...
උඹ කලබල නොවී ඉදපන්කෝ.. උඹේ බෝතල් ටික නම් පරිස්සමෙන් තියෙනවා තැනක... ඒත්.......

"මොකක්ද යකෝ ඒත් කියන්නේ..."

වරුණ් හිනාවෙවී කිව්වේ ජෝක් එකටත් එක්ක. වරුණ්ට හෙන ජොලි ෂේද්ට යකා ආවේෂ වෙද්දී ඒකමයි ෂේද්ව අවුස්සන්නේ..

"ඒත්.... ඒත් කිව්වේ බං...උඹේ අර පාට පාට කෑලි ටික නම් දැන් දියවෙලා ඇත්තේ කාණුවේ.. අපි ඒ ටික කොමඩ් එකට හලලා වතුර ගැහුවා.."

වරුණ් හිනාවක් දාගෙන කියලම ෂේද් ලගින් අඩි කීපයක් පස්සට වුනේ හොද පාරවල් ටිකක් කන්න වෙනවා කියලා දැනගෙනමයි.

"තොපි කියන්නේ.....
තොපි දෙන්නා ඒ ඔක්කොම ටික කොමඩ් එකට හැලුව කියලදා ආ..... මොනවද මිනිහෝ කරන්නේ.....ෂික්..."

ෂේද් ලග ඉදියේ ඉෂාන්. ඒ නිසා ඉෂාන්ව තමයි ෂේද්ගේ අතට අහුවුනේ. ඉෂාන්ගේ කොලර් එකෙන් අල්ලගෙන අඩි කීපයක් ඉස්සරහට ගිහින් ඉෂාන්ව තල්ලු කරදාලා ෂේද් ඇහුවේ මහ හඩින් කෑගහලා.

"එහෙම නොකලනම් උඹ නවතින්නේ මහ උළු ගෙදර. මේක අස්සට narcotic එකෙන් පැන්නනම් තෝව කර මුලින් හිර වෙනවා.... "

ෂේද් තල්ලු කරපු පාරට බිමට වැටුන ඉෂාන් නැගිටින ගමන් කෑගැහුවේ ෂේද් පිස්සෙක් වගේ බාත්රූම් එකට දුවද්දී. කොල්ලා  බාත්රූම් එකෙන් එලියට ඇවිත් අනෙක් බාත්රූම් එකට දිව්වා. ඇහෙන සද්ද වලට අනුව කොල්ලා කොමඩ් පියන් විවර කරනවා කියලා වරුණයි ඉෂානුයි හිතින් මවාගත්තා.

"ඕවගේ බැලුවට වැඩක් නෑ බං... අපි ඒවා හොදට push කලා... නේද බං.."

වරුණ් හිනා වෙවී කිව්වේ ෂේද් දඩාස් ගාලා සද්දෙටම දොරත් වහගෙන අඩියට දෙකට එනවා පේද්දී.

MeMo - මෙමෝWhere stories live. Discover now